Friday, March 29, 2024

සාරානාත් දෙවනත් කළ ගී නද සදහටම සමුගනිති.

Must read

Wijithasenaකුලියාපිටිය සාරානාත් විදුහලේ සේවය කළ විශ‍්‍රාමික සංගීතාචාර්ය ජේ. පී. විජිතසේන මහතා පෙරේදා (17 ) ඊයේ සිය දිවියෙන් සමුගත්තේය.

කුලියාපිටියට සංගීතඥයින් රැසක් දායාද කර ඇති එ් මහතා තබ්ලා වාදනයෙහි අති දක්‍ෂයෙක් ලෙස ප්‍රකටව සිටියේය. ඉන්දීය සංගීතඥ ඔස්තාද් ඩේවිඩ් පොඩිඅප්පුහාමි මහතා දිවයිනට පැමිණි සෑම අවස්ථාවකම නවාතැන් ගත්තේ විජිතසේන මහතාගේ නිවසේයි. එහිදී දෙදෙනා විසින් හුවමාරුකරගත් සංගීත ශිල්පක‍්‍රම සියල්ල විජිතසේන මහතා විසින්  සාරානාත් සිසු පරපුරට නොමසුරුව දායාද කළේය.

ශ‍්‍රී ලංකාවේ පාසල් ගීත අතුරින් අලංකාරම පාසල ගීතයක්  වන ශ‍්‍රී ලංකා සිරි දරණිතලේ ගීතයේ මෙන්ම සමස්ත ලංකා ජයග‍්‍රහණ රැසක් සාරානාත් විදුහලට ලබා දුන් ගීතයන්හි තනු නිර්මාපකයාද විජිතසේන මහතා වෙයි . ඔහු තම ආදරණීය බිරිද වූ කීර්තිමත් නර්තනාචාරිනී පේ‍්‍රමා විජිතසේන මහත්මියද සමග දිවා රෑ නිදිවරමින් සංගීතය වෙනුවෙන් කළ කැපවීම කොතෙක්ද යන්න සාරානාත් විදුහල ලබා ඇති නර්තන හා සංගීත සම්මාන කන්දරාවෙන්ම මිණිය හැක.

වර්ෂ 1941 දී උපත ලද විජිතසේන ශූරීන් මියයන විට 75 විය සැපිරූ තිදරු පියෙකුව සිටියේය. ගුවන් විදුලියේ සරල ගී එ් ශ්‍රේණියේ ගායකයෙකුද   වන එ්  මහතාගේ දේහය මේ වනවිට ඇස්සැද්දුම පිහිටි ඔහුගේ නිවසේ තැන්පත්කොට ඇති අතර අවසන් කටයුතු හෙට (19)  පස්වරුවේ සිදුකිරිමට නියමිතය.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article