Thursday, March 28, 2024

මොණරාගල පිළිමය වදින්න එනවා නම් එටිසලාට් රී ලෝඩ් දන්සැලටත් ගොඩවෙන්න.

Must read

වෙසක් පොහොය නිමිතිකරගනිමින් මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සමාගමක් වන එටිසලාට්  ලංකා සමාගම විසින් ලෝකයේ විශාලතම ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති කුරුණෑගල, රම්බඩගල්ල, මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් භුමියේදී සිම් සහ රී ලෝඩ් දන්සැලක් ආරම්භ කර තිබේ.

ඒ අනුව මොණරාගල සෙල් පිළිම වහන්සේ වැද පුදා ගැනීමට එන සෑම බැතිමතෙකු වෙනුවෙන්ම නව සිම්පතක් සහ රුපියල් දෙසියයක රී ලෝඩ් මුදලක් ලබාදීමට එටිසලාට් ලංකා සමාගම කටයුතු කරනු ලබයි.

ඊට අමතරව මොණරාගල සෙල් පිළිම වහන්සේ නිර්මාණය වූ ආකාරය පිළිබදව සකස්කළ වාර්තා වැඩසටහනක් දැවැන්ත රූපවාහිනි තිරයක් ඔස්සේ නැරඹීමට මෙන්ම බෝධි පූජා ගාථා ඇතුළත් පොත් පිංචක් ලබාගැනීම සදහාද  එටිසලාට් ලංකා සමාගම  විසින් බැතිමතුන් වෙත එහිදී අවස්ථාව ලබා දී තිබේ.

ඊයේ දිනයේදී ආරම්භ කෙරුණු සිම් සහ රී ලෝඩ් දන්සැල අද (22 දා) මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙන බවත්, ජාතික හැදුනුම්පත හෝ අනන්‍යතාවය සහතික කෙරෙන වෙනත් ලියැවිල්ලක් රැගෙන එන ඕනෑම අයෙකුම එම දන්සැලෙන් සේවාවන් ලබාගත හැකි බව එහි  සංවිධායක මණ්ඩලය කියයි.

etisalat_dansala etisalat_dansala_1 etisalat_dansala_2 etisalat_dansala_4

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article