Thursday, March 28, 2024

දෙවැනි රාජ්‍ය නායකයාත් මලියදේවයට පා තැබූ වගයි ! (ඡායාරූප )

Must read

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවය ඊයේ (24 දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මහපොළ අරමුදල් සහ මලියදේව ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහය ඇතිව ඉදිකරන ලද මීටර් 25 ක් දිගැති මෙම පිහිනුම් තටාකය පිහිනුම් මංතීරු 8 කින් සහ ප්‍රේක්ෂකාගාරයකින්ද සමන්විතය.

පිහිනුම් තටාකය විවෘත කිරීමෙන් අනතුරුව මලියදේව විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩකයින් සහ මලියදේව බාලිකා විද්‍යාලයේ පිහිනුම් ක්‍රීඩකාවන් විසින් ඉදිරිපත් කළ ජල ක්‍රීඩා සංදර්ශණවලින් උත්සවය අලංකාර කෙරිණි.

ළමා පිහිනුම් තටාකය ඉදිකිරීමට මුදල් පරිත්‍යාග කිරීම සහ ජාතික වකුගඩු අරමුදල වෙත මලියදේව ආදි ශිෂ්‍ය සංගමයෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීමද මෙහිදී සිදු විය.

මලියදේව විද්‍යාලයට පැමිණි දෙවැනි රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන අතර මින් පෙර හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය මලියදේව විද්‍යාලයට පැමිණ තිබේ.

මෙම අවස්ථාවට අකිල විරාජ් කාරියවසම් , දයාසිරි ජයසේකර, එස්.බී.නාවින්න, ටි.බී. ඒකනායක ඇතුළු අමාත්‍යවරුන් පිරිසක්ද වයඹ ආණ්ඩුකාර අමරා පියසිලි රත්නායක, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක ඇතුලු පළා සභා මැතිඇමැතිවරුන් පිරිසක්ද එක් වී සිටියහ.

එම උත්සවයේ සියලු අවස්ථාවන් පියවරෙන් පියවර වයඹ ටුඩේ කැමරාවෙහි මෙලෙස සටහන් වී තිබිණි.president_maliyadeva_7 president_maliyadeva_6 president_maliyadeva_8 president_maliyadeva_9 president_maliyadeva_10 president_maliyadeva_12 president_maliyadeva_15 president_maliyadeva_14 president_maliyadeva_13 president_maliyadeva_16 president_maliyadeva_17 president_maliyadeva_18 president_maliyadeva_19 president_maliyadeva_20 president_maliyadeva_21 president_maliyadeva_5 president_maliyadeva_22 president_maliyadeva_23 president_maliyadeva_24 president_maliyadeva_25 president_maliyadeva_26 president_maliyadeva_27 president_maliyadeva_28 president_maliyadeva_29 president_maliyadeva_30 president_maliyadeva_31 president_maliyadeva_33 president_maliyadeva_32 president_maliyadeva_3 president_maliyadeva_2 president_maliyadeva_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article