Friday, March 29, 2024

කලා ලොවේ දිගු ගමනක් අපේක්ෂා කරන උපේක්ෂා

Must read

දකුණු පුරවරයේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි උපේක්ෂා වත්තුහේවගේ මේ වනවිට ටෙලි නාට්‍ය දෙකක රගපා ඇති අතර රංගන ශිල්පිනියක ලෙස කලා ලෝකයේ දිගු ගමනක් යාමේ අපේක්ෂාවෙන් සිටින්නීය. නිරූපන ශිල්පිනියක ලෙසද කටයුතු කර ඇති ඇය ඉදිරි කාලය තුල ගීත රූප රචනා තුලින් හා චිත්‍රපටවල රගපෑමෙන් තම දායකත්වය ලබාදීමට බලාපොරොත්තුව සිටින්නීය. මේ ඇය සමග කළ සංවාදයකි.

ඔබගේ ගම් පළාත හා පවුලේ තොරතුරු පිලිබදව සදහන් කරනව නම් ?

මම දකුණු පුරවරයේ දික්වැල්ල වත්තේගම ප්‍රදේශ‍යෙ තමයි දැනට පදිංචි වෙලා ඉන්නේ. මගේ පවුලේ අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි තමයි ඉන්නේ. මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ දික්වැල්ල විජිත මහා විදුහලෙන්.

ඔබ මේ වෙනකොට රගපෑම් කටයුතුවල නිරතවෙලා ඉන්නවා, ඒ ගැන සඳහන් කලොත් ?

ඔව්, මම පාසල් යන කාලේ ඉදලම රඟපෑම් කටයුතුවලට සහභාගී වෙලා තියෙනවා. මම ගොඩක් ආසයි ඒ පැත්තට. දැන් මේ වෙනකොට හිරු ටී.වී නාලිකාවේ “ආටක නාටක” වැඩසටහනට සම්බන්ධවෙලා රගපෑමෙන් දායක වෙනවා.ඊට අමතරව එම නාලිකාවෙම “සයිබර් ක්‍රයිම්” වැඩ සටහනටත් සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරි කාලයේදී මගේ ඒ රගපෑම් ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකිවේවි.

ඔබ මේ ක්ෂේත්‍රයට පැමිණීම පිලිබදව ගෙදර අයගේ කැමැත්ත කොහොමද ?

මගේ අම්මයි තාත්තයි දෙන්නම හරිම කැමතියි. ගොඩක් මගේ මේ වැඩ වලට ඒ අය උදව් කරනවා. මට ගැලපෙන හොද චරිත ලැබෙනවානම් තෝරාගෙන රගපාන්න කියලයි ඒ අය කියන්නේ. අයියලා දෙන්නත් ඒ වගේම තමයි. නිතරම මාව උනන්දු කරනවා. මගේ එක අයියා කෙනෙක්ගේ මාර්ගයෙන් තමා සුරේෂ් ද අල්විස් කියන අධ්‍යක්ෂකවරයා හදුනාගෙන මට මේ වන විට ටෙලි නාට්‍ය කීපයක රගපාන්න අවස්ථාව උදා වුනේ.

ඔබගේ ඉදිරි බලාපොරොත්තු ?

මම ඉදිරියේදී බලාපොරොත්තුවෙනවා ටෙලි නාට්‍ය වල රගපෑම් වගේම ගීත රචනාවලට අනුකූලව රුප රාමුවල පෙනී සිටීමටත් චිත්‍රපටවල රගපෑමටත්. මේ වෙනකොටත් චිත්‍රපටයක රගපෑම සදහා ආරාධනාවක්‍ ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ ලොකු ආශාවක් තියෙනවා විකට චරිත වලට රගපාන්න.ඊට අමතරව මම තව දුරටත් මේ ක්ෂේත්‍රය පිළබදව හොඳට හදාරලා කළා කටයුතුවල දිගටම නිරත වෙන්න තමයි අදහස තියෙන්නේ.

ඔබට විශේෂයෙන් මතක් කල යුතු අය ඉන්නවාද ?

මම මේ වෙලාවෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගේ අම්මයි තාත්තයි ඇතුළු මගේ පවුලේ අනිත් සියලුම දෙනා. ඒ අයගේ සහයෝගය නිසා තමයි මට අද වෙනකොට මේ තත්වයට එන්න හැකිවෙලා තියෙන්නේ.ඒ වගේම සුරේෂ් ද අල්විස් කියන අධක්ෂක තුමා, සමින්ද්‍ර ධම්මික සහ සමීර යන අයත් මගේ මේ වැඩ කටයුතුවලට ලොකු සහයෝගයක් ලබාදීලා තියෙනවා.

ඇගේ ලිපිනය – පොල්කොරටුව – වත්තේගම/දකුණ – දික්වැල්ල
ඇගේ දුරකථන අංකය 071 4655305

සංවාද සටහන
රෝහණ ආරියරත්න – හම්බන්තොට

upeksha_4 upeksha_1 upeksha_3 upeksha_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article