Thursday, March 28, 2024

ස්ට්‍රයික් නොකළ රියදුරන්ට බලපෑම් කළ පුද්ගලික බස් සභාපති පොලිසියෙන් එළවා දමයි! (VIDEO)

Must read

rooban_1වැඩවර්ජනයට එක් නොවී සාමාන්‍ය පරිදි ධාවනයට යොදවා තිබූ පුද්ගලික බස් රථ කිහිපයක රියදුරන්ට බලපෑම් කළ බව කියන සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් පළවා හැරීමට පොලිස් නිලධාරිහු අද (02 දා) උදෑසන පියවර ගත්හ.

සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපති රූබන් සිල්වා මහතා ඇතුලු වර්ජනයේ නියුතු බස් රියදුරන් සහ ත්‍රිරෝද රථ රියදුරන් ඇතුලු පනහකට ආසන්න පිරිසක් කුරුණෑගල බස් නැවතුම්පොළ වෙත ගොස් එහිදී ධාවනය ආරම්භ කිරීමට සූදානමින් සිටි පුද්ගලික බස් කිහිපයක රියදුරන්ට බස් ධාවනය නොකරන ලෙස බලපෑම් කරමින් සිටි බව වාර්තා වෙයි.

එහිදී එම ස්ථානයට පැමිණි කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක මංගල වික්‍රමනායක මහතා ඇතුලු පොලිස් නිලධාරිහු රූබන් සිල්වා මහතා ඇතුලු පිරිස කුරුණෑගල බස් නැවතුම්පොළෙන් පිටතට පළවා හැරීමට කටයුතු කළ අතර එහිදී දෙපිරිස අතර උණුසුම් තත්වයක්ද ඇති විය.

එම අවස්ථාවේ වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article