Thursday, March 28, 2024

මුලින් ජීව විද්‍යාව හදාරා, හය මසකට පසුව ගණිතය තෝරාගෙන ලංකාවෙන්ම පළමුවැනියා වූ අමායාගේ කතාව (VIDEO)

Must read

maths_1st_2016_alඋසස්පෙළ විෂය ධාරාවන් හැදැරීමේදී තමන් මුල් මාස හය තුළ අධ්‍යයන කටයුතු කළේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් බවත්, ගණිතයට දක්වන දැඩි ඇල්ම හේතුවෙන් තමන් ගණිත විෂය ධාරාවට මාරු වූ බවත් 2016 උසස්පෙළ විභාගයෙන් ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය දිනාගැනීමට මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය වයඹ ටුඩේ වෙබ් අඩවියට කීවාය.

ඇය මෙම අදහස් දැක්වූයේ කුරුණෑගල, උයන්දන පිහිටි අමායා ධර්මසිරි සිසුවියගේ නිවසේදී අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමිනි.

වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ගීතා ධර්මසිරි මහත්මියගේ සහ පුද්ගලික සමාගමක සහකාර සාමාන්‍යාධිකාරිවරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද ධර්මසිරි මහතාගේ කණිටු දියණිය වන අමායා ධර්මසිරි සිසුවිය 2013 වසරේදී ඇය මුහුණදුන් සාමාන්‍යපෙළ විභාගයෙන් සහ මෙන්ම 2007 වසරේදී පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය සහ දිනාගැනීමට සමත්ව තිබීම විශේෂත්වයකි. අමායා ධර්මසිරි සිසුවියගේ එකම සොහායුරියද මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබද විශේෂවේදී උපාධිය හදාරමින් සිටින තෙවැනි වසරේ සිසුවියකි.

අමායා සිසුවිය වයඹ ටුඩේ වෙත දැක් වූ අදහස් සහ ඇය සිය මව්පියන් සමග මලියදේව බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය හමුවීමට ගිය අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පහත දැක්වෙයි.maths_1st_2016_al_1 maths_1st_2016_al_2 maths_1st_2016_al_3


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article