Thursday, March 28, 2024

ඒකාබද්ධයේ ප‍්‍රහාරයකින් ඇමැති ලේකම් රෝහලේ !

Must read

ananda_attck_01කුරුණෑගල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය අවසන්වීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු පළාත් පාලන මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් කළ පහරදීමකින් තුවාල ලැබූ බව කියන නියෝජ්‍ය අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

දත්වලට සහ මුඛයට සිදු වූ තුවාල සහිතව මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන ආනන්ද ජයසේකර මහතාය.

ප‍්‍රවාහන අමාත්‍යංශයෙන් තමා වෙත නිකුත් කර ඇති කැබ් රථයේ නැගී සිය නිවස බලා යමින් සිටියදී මල්කඩුවාව සමුපකාර ප‍්‍රාදේශිකය අසල සිටි හිටපු නාගරික මන්ත‍්‍රීවරයෙකු සහ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරයෙකු ඇතුලු පිරිසක් විසින් වාහනය නවත්වා තමන් බිමට ඇද දැමූ බව ප‍්‍රහාරය පිළිබදව අදහස් දැක් වූ ජයසේකර මහතා පැවැසීය. ‘‘යකෝ අපි දිනුවා’’ යැයි කියමින් තමන්ට බිම පෙරළාගෙන පහරදුන් පිරිස පසුව වාහනයට පහර දී එහි පැති වීදුරු කඩා දැමූ බවත්, තමන් අත තිබූ ජංගම දුරකථනය, වාහනයේ යතුර සහ වැදගත් ලියකියැවිලි කිහිපයක් උදුරාගත් බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රහාරයට ලක් වූ ප‍්‍රවාහන අමාත්‍යංශයට අයත් බව කියන කැබ් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර අදාල පහරදීමෙන් එම කැබ් රථයට අලාභහානි සිදු වී ඇති අයුරු දැකගත හැකි විය. කුරුණෑගල මූලස්ථාන පොලිසිය පහරදීම පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.ananda_attck_03 ananda_attck_02 ananda_attck_04 ananda_attck_05

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article