Thursday, March 28, 2024

මට මහලු වයසේ , හැකිය තවමත් නැටුම පෙර සේ !

Must read

nikawaratiya_seetha_2“ මට මහලු වයසේ , බැරිය වෙණ ගායනා පෙර සේ  “ යැයි කීවේ ගුත්තිල ඇදුරිදුය. එසේ නමුත් හැට වියද ඉක්මවා, දරු මුණුබුරන්ද දැක සිටින මවක් වන නමුත් තමන්ට සුපුරුදු වේදිකාවෙන් බසින්නට තවම සූදානමක් නැති මේ මිත්තණිය අපට මුණගැසුණේ නිකවැරටියේ දීය. නිකවැරටිය ප්‍රාදේශීය සංස්කෘතික බලමණ්ඩලය සංවිධානය කළ උපහාර උත්සවයකදී නර්තන අංගයක් ඉදිරිපත් කරමින් සිටි ඕ අප කැමරාවට හසුවන්නේද ඇයගේ විස්මිත නර්තන හැකියාව නිසාමය. සිය නර්තනය පුරාවට උත්සව සභාවේ සිටි සියලු දෙනාගේ දෑස් ඇසිපිය නොහෙලා තමන් වෙත රදවාගන්නට තරම් මේ මිත්තණිය සමත්වූවාය. නර්තනයට උපන් හපන්කම් ඇති ඇය නමින් ආර්.එම්. සීතා රංජනී වන්නීය. තම වියපත් බව අමතක කරමින් නව යොවුන් තරුණියක මෙන් වේදිකාව මත දස්කම් පා ප්‍රේක්ෂකයින් පිනවන සීතා රංජනී මහත්මිය වැඩිහිටි බලමණ්ඩල අතර පැවැති නර්තන තරගයකදී හොඳම නර්තන ශිල්පීන් පස් දෙනා අතරටද තේරී පත්වී ඇත.

නිකවැරටිය වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජිකාවක්ද, නිකවැරටිය පොල පිටුපස පදිංචිකාරිනියක්ද වන සීතා රංජනී මහත්මිය තම අතීතය පිළිබදව අප සමග කෙටි ආවර්ජනයකද යෙදුණාය. කුඩා කල පටන්ම තමන්ට නර්තන හැකියාවක් තිබූ බවත් එකල බොහෝදෙනෙකු ඇයගේ එම හැකියාව අගය කළ බවද සීතා රංජනී මහත්මිය සිහිපත් කළාය. ලාබාල වියේදීම විවාහවන්නට සිදුවීමෙන් නර්තනයට ආයුබෝවන් කියන්නට සිදු වූ අයුරුද ඕ කණගාටුවෙන් යුතුව සිහිපත් කළාය.

වාරියපොල නිසංකා අබේරත්න
nikawaratiya_seetha_3nikawaratiya_seetha_1

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article