Saturday, April 20, 2024

‘‘ වීරවංශට, ගම්මන්පිලට, දිනේෂ්ට හෝ වාසුට  වුවමනා ලෙස පක්ෂය මෙහෙයවිය යුතු නැහැ !“  වාරියපොළ ශ‍්‍රීලනිප ක්‍රියාකාරීහු කියති.

Must read

slpf_press_wariyapola_1ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කාගේවත් වල්ගයක් නොවන බැවින් විමල් වීරවංශට, උදය ගම්මන්පිලට, දිනේෂ් ගුණවර්ධනට හෝ වාසුදේව නානායක්කාර උවමනා අයුරින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවිය යුතු නැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරියපොල ක‍්‍රියාකාරිහු කියති.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරියපොල ක‍්‍රියාකාරිහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා වාරියපොලදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාරියපොල ප‍්‍රධාන සංවිධායක ආනන්ද ජයලත් මහතා මෙසේ පැවැසීය.

‘‘ වාරියපොල ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ක‍්‍රියාකාරීන් විදිහට ඉදිරි මැතිවරණවලට මුහුණදීම සදහා අපි මේ වෙනකොට ශක්තිමත් ලෙස කටයුතු කරමින් ඉන්නවා. මේ වෙනකොට අපේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, ගුරු සංවිධාන ඇතුලු පක්ෂයට අනුබද්ධ සංවිධාන සියල්ලම ශක්තිමත් කරලා ඉදිරියේදී එන පළාත් පාලන, පළාත් සභා හෝ ඕනෑම මැතිවරණයක් මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කරවීම සදහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදලා, වෙන්කරලා සතුටු වෙන්න බලාගෙන ඉන්න කණ්ඩායම්වලට අපි මේ වෙලාවේ කියන්නේ පක්ෂය බෙදන්න ලෑස්තිවෙන්න එපා කියලයි. මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මේ රටේ තියෙන ශක්තිමත්ම දේශපාලන පක්ෂයක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්තමානයේදී නායකත්වය දෙන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත්තු නායකයෙක්. ඒ වගේම පිරිසිදු දේශපාලන නායකයෙක්. ඒ නිසා අනාගතයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ පිරිසිදු ආණ්ඩුවක් හැදීම සදහා වාරියපොල ආසනයෙන් පළමුවැනි වෙඩිමුරය පත්තුකරලා ඕනෑම මැතිවරණයකට මුහුණදෙන්න අපි සූදානමින් ඉන්නවා. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවෙලා ඉන්න සියලු සහෝදරවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා 2020 වෙනකොට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ඕනෑ නම් එක එක්කෙනාගේ වලිග වෙන්නේ නැතිව, එක එක්කෙනාට ඕනෑ විදිහට නටන්නේ නැතිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතුවෙමු කියලා. ඒ විදිහට එකමුතුවෙලා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ රටේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදමු කියලා. විමල් වීරවංශටවත්, උදය ගම්මන්පිලටවත්, දිනේෂ් ගුණවර්ධනටවත්, වාසුදේව නානායක්කාරටවත් උවමනා විදිහට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙයවන්න බැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ කාගේවත් වලිගයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ වලිගයකුත් නෙවෙයි. ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න හිතනවා නම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය සභාවක් හදන්න හිතනවා නම් නම් අපි සියලුදෙනා එකතුවෙලා අත්වැල් බැදගනිමු කියන පණිවිඩය මම මේ අවස්ථාවේදී ලබාදෙනවා. ’’

එහිදී අදහස් දැක් වූ වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී ජයතිස්ස මාකුඹුර මහතා මෙසේ පැවැසීය.

‘‘ පසුගිය දේශපාලන ක‍්‍රියාවලියට සම්බන්ධවෙලා හිටපු පුද්ගලයින් විසින් සිදුකරපු විවිධාකාර දූෂණ ක‍්‍රියා නිසා මේ රටේ මහජනතාවගේ ධනය අපිරිමිත විදිහට විනාශ කරලා දමපු, කාබාසිනියා කරලා දමපු කාල පරාසයක් තමයි අපි පහුකරගෙන ඇවිත් තියෙන්නේ. එහෙම කරපු සමහරු ඒ අයව නීතියෙන් නිදහස් කරන්න කියලා හිරේ විලංගුවේ වැටිලා ඉදගෙනත් උපවාස කරන්න දැන් පටන් අරගෙන තියෙනවා. මේ රටේ නීතියට ඒ විදිහේ අවමානයක් කරන්න යම් කෙනෙක් පෙළඹෙනවා නම් මම හිතන්නේ අපේ රටේ ජනතාව එය අනුමත කරන එකක් නැහැ. මේ රටේ අධිකරණය සාධාරණ තීන්දුවක් දුන්නාම ඒකට විරුද්ධව උපවාස කරලා අභියෝග කරනවා නම් , ඕනෑම අපරාධකාරයෙකුට පුලුවන් වේවි ඒ විදිහට අධිකරණයට අභියෝග කරලා තමන් නිර්දෝෂියි කියලා නිදහස්වෙලා යන්න. මේ රටට අවශ්‍ය වෙන්නේ එවැනි අධිකරණයක් නෙවෙයි. යුක්තිය, සාධාරණත්වය සහ මේ රටේ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණය පවා හෑල්ලුවට ලක්කරන්න මේ පුද්ගලයින් අද කටයුතු කරමින් ඉන්නවා. ඒක මේ රටට කරන විශාල හානියක්, අවමානයක් සහ කැලළක් විදිහට තමයි අපිට පේන්නේ. මේ අය හිරේ විලංගුවේ වැටුණේ මේ වෙන කවුරුවත් කරපු වරදක් හින්දා නෙවෙයි. ඔවුන්ම තමයි පසුගිය කාලේ මහජන ධනය නැති නාස්ති කරමින් ඒ වගේ වැරැදි කළේ. සාංඝික දේපළක් වගේ තියෙන මහජන දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන් දඩුවම් විදින්නට ඕනෑ. ඒ නිසා මහ ජනතාව අතරින් කිසිම කෙනෙක් ඒ පිළිබදව කණගාටු වෙනවා කියලා මම හිතන්නේ නැහැ. මහ ජනතාව මේ රජයෙන් සහ නායකයින්ගෙන් ඉල්ලන්නේ ඒ වගේ දූෂිත දේශපාලකයින් මේ රටෙන් ඉවත් කරලා පිරිසුදු දේශපාලනයක් රට තුළ ඇති කරන්න කියලයි. ඒ වගේම අද කවුරුහරි හිතනවා නම් මේ ප‍්‍රධාන දේශපාලන ධාරාවෙන් අයින්වෙලා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව වෙනම කණ්ඩායමක් විදිහට මේ රටේ බලය අල්ලන්න පුලුවන් කියලා ඒක අමූලික බොරුවක්. ඒක මුලාවක්. ඒක මේ දේශපාලන ක‍්‍රමය තුළ යථාර්ථයක් බවට පත්නොවන සිහිනයක් පමණක් බවත් කියන්න ඕනෑ. ඒ නිසා මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙලා තිබෙන පංච මහා බලවේගය වටා එක්වීම හැර වෙනත් විකල්පයක් නැහැ. ’’

වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී සුනිල් ලංකාතිලක මහතා මහතා එහිදී අදහස් දක්වමින් මෙලෙස පැවැසීය.

‘‘ ගොවියාගේ, කම්කරුවාගේ සහ රාජ්‍ය සේවකයාගේ හදගැස්ම හදුනන, ඒ වගේම දහදිය සුවද හදුනන නායකයෙක් විදිහට අතිගරු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීම පිළිබදව ගම්වල ජීවත්වෙන ජනතාවගේ බලවත් ප‍්‍රසාදයක් හිමිවෙලා තිබෙනවා. මේ රටේ හයවැනි ජනාධිපතිවරයා හැටියට පත්වුණු මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මේ රටේ හත්වැනි ජනාධිපතිවරයා විදිහට පත්කරගැනීමේ බලාපොරොත්තුවක් ගමේ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් හැමදෙනාම තුළ දැන් ඇතිවෙලා තිබෙනවා. ඒ නිර්මාණය වෙලා තියෙන පසුබිමත් එක්ක ඉදිරි ජනාධිපතිවරණයටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරලා නැවත මේ රටේ නායකත්වය භාරගන්න කියලා අපි එතුමාට ආරාධනා කරනවා. ආයාචනා කරනවා. මේ පක්ෂය කෑලි කෑලිවලට කඩලා, පක්ෂය දෙකට කඩලා වෙනත් අයගේ අභිප‍්‍රායන් සහ කොන්ත‍්‍රාත් ඉටුකිරීමේ කාර්යයට අත ගහන්න එපා කියලා අපේ පක්ෂයෙන් වෙන්වෙලා ගිය අයගෙන් මම ඉල්ලා සිටිනවා. සියලු වාද භේද අමතක කරලා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නැවත පක්ෂය ශක්තිමත් කරමු කියලා මම ඒ පිරිසට ආයාචනා කරනවා. ඒ නිසා මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා මේ රටේ හත්වැනි විධායක ජනාධිපතිවරයා විදිහට නැවත වතාවක් පත්කිරීම සදහා ලෙයින්, කදුලින්, දහදියෙන් පමණක් නෙවෙයි අපේ ජීවිත පවා කැපකරලා කටයුතු කරන්න අපි සූදානමින් ඉන්නවා කියන එකත් මේ වෙලාවෙදි අපි මතක් කරනවා.

මාධ්‍ය හමුවට එක් වී සිටි පිරිස

slpf_press_wariyapola_2
ආනන්ද ජයලත් මහතා අදහස් දක්වමින් slpf_press_wariyapola_3
ජයතිස්ස මාකුඹුර මහතා අදහස් දැක් වූ අයුරුslpf_press_wariyapola_4
 සුනිල් ලංකාතිලක මහතා අදහස් දක්වමින්slpf_press_wariyapola_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article