Video

උසස්පෙළ ගණිතයෙන් ජයගත් “විශාරද“ අමායාගේ සංගීත හැකියාව දකිමු !

amaya_music

2016 උසස්පෙළ ප්‍රතිඵලවලට අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ කේ. ඩී. එම්. අමායා ධර්මසිරි සිසුවිය අධ්‍යාපනයේදී මෙන්ම විෂය සමගාමී ක්‍රියාකාරකම්වලදීත් සුවිශේෂි දක්ෂතා දැක් වූ සිසුවියක් වීම විශේෂත්වයකි. පළමු ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වාම මලියදේව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති අමායා ධර්මසිරි සිසුවිය 2013 වසරේදී ඇය මුහුණදුන් සාමාන්‍යපෙළ විභාගයෙන් මෙන්ම 2007 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව ...

Read More »

ස්ට්‍රයික් නොකළ රියදුරන්ට බලපෑම් කළ පුද්ගලික බස් සභාපති පොලිසියෙන් එළවා දමයි! (VIDEO)

rooban_1

වැඩවර්ජනයට එක් නොවී සාමාන්‍ය පරිදි ධාවනයට යොදවා තිබූ පුද්ගලික බස් රථ කිහිපයක රියදුරන්ට බලපෑම් කළ බව කියන සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපතිවරයා ඇතුලු පිරිසක් කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් පළවා හැරීමට පොලිස් නිලධාරිහු අද (02 දා) උදෑසන පියවර ගත්හ. සමස්ත ලංකා පුද්ගලික බස් රථ ධාවකයින්ගේ සමාගම් සම්මේලනයේ සභාපති රූබන් සිල්වා මහතා ඇතුලු වර්ජනයේ නියුතු බස් රියදුරන් සහ ...

Read More »

කුලියාපිටිය මැදි විදුහල් පා ගමනේ ඇස ගිය තැන් (VIDEO)

kcc_walk

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික පා ගමන අද දහවල් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. මෙම අවස්ථාවට එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ගායන ශිල්පි චන්දන ලියනාරච්චි ඇතුලු පන්දහසකට ආසන්න ආදි සිසු සිසුවියන් පිරිසක් සහභාගි වී සිටියහ. කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයෙන් ආරම්භ වූ පාගමන කුලියාපිටිය නගරය දක්වා ගමන් කළ ආකාරය විඩීයෝවෙන් දැක්වෙයි. කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

Read More »

පතල් සටනේ නොදුටු දසුන් (VIDEO)

kahatagaha_0

තම ආයතනය පුද්ගලිකරණය නොකරන ලෙසට බලකරමින් දොඩම්ගස්ලන්ද කහටගහපතළේ සේවයේ නියුතු පතල් කම්කරුවන් සහ කාර්යාල සේවකයින් ඇතුලු සියයකට ආසන්න පිරිසක් පොළව මතුපිට සිට අඩි 1132 ක් පමණ ගැඹුරින් පිහිටි මිනිරන් දෝනාවක සිට උපවාසයේ යෙදී සිටින අන්දම පොළව අභ්‍යන්තරයට ගොස් රූගත කිරීමට වයඹ ටුඩේ කණ්ඩායමට හැකි විය. එහි වීඩියෝව පහත දැක්වෙයි.

Read More »

කුරුණෑගල පොළට ආ අණබෙරකරුවා කී පණිවිඩය !

anabere_1

කලෙකින් දැකගත නොහැකි අණබෙරකරුවෙක්  ඊයේ කුරුණෑගල සතිපොළට පැමිණ සිටියේ නගරයේ පැවැත්වෙන යම් කටයුත්තක් පිළිබදව මහජනතාව දැදුම්වත් කිරීමටය. අණබෙරකරුවාගේ පණිවිඩය පහතින් නැරඹිය හැකිය.  

Read More »

උසාවිය ඉස්සරහ වොයිස් කට් දෙන්න ගිය ජොන්ස්ටන්ට පොලිසිය හරස්වෙයි ! (VIDEO)

jonny

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණ සමයේදී සතොස ශාඛාවලින් භාණ්ඩ මිලදීගෙන මුදල් නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව අද (13 දා) විභාගයට ගැණුනු අතර නඩු විභාගයට සහභාගි වී අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අකරතැබ්බයකට මුහුණදීමට සිදු විය. අධිකරණයේ ගේට්ටුව ඉදිරිපිටදී මාධ්‍යවේදීන් විසින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ...

Read More »

ජනතාව රස්තියාදු කළැයි ජවිපෙ මන්ත්‍රීගෙන් ඇමැති ටී. බී.ට කුණු බැණුම් ! (VIDEO)

namal

තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන අලි කොරිඩෝ වෙන්කිරීමේ ව්‍යාපෘතිය පිළිබදව කැදවා තිබූ සාකච්ඡාවක් විධිමත් දැනුම්දීමකින් තොරව අවලංගු කර තිබීම පිළිබදව උරණ වූ ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා අදාළ සාකච්ඡාව කැදවා තිබූ රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට දුරකථනය ඔස්සේ බැණ වදින අයුරු දැක්වෙන රූප රාමු පෙළක් අප වෙත ලැබී තිබේ. පොල්පිතිගම, කට්ටම්බේරියයාය ...

Read More »

ජීවිතය ගැටගහන්නට පොළ වෙළදාමට ආ මවකගේ ජීවිතයම උදුරාගත් මාරක අනතුර (CCTV දර්ශණ)

cctv_accident

කුලියාපිටිය සතිපොළේ වෙළදාම් කටයුතු සදහා පැමිණ සිටි කාන්තාවක් ඊයේ (02 දා) අලුයම පාර හරහා මාරුවීමට උත්සහ කිරීමේදී වේගයෙන් පැමිණි ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට පත්වන ආකාරය කුලියාපිටිය නගරයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා කිහිපයක මෙලෙස සටහන් වී තිබිණි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූයේ හෙංගමුව, කොබෙයිගනේ ප‍්‍රදේශයේ පදිංචි බමුණුසිංහ මුදියන්සේලාගේ දයාවතී නැමති වයස අවුරුදු 72ක පමණ කාන්තාවකි. අනතුර සිදුකළ ලොරි රථ රියදුරු කුලියාපිටිය ...

Read More »

යකඩ යකා ගොඩදාන්න – ඊයේ රෑ කරපු සටන (VIDEO)

train_2

වැල්ලව දුම්රිය ස්ථානය ආසන්නයේදී  දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අඩාල වී තිබූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්වයට පත්කිරීම සදහා මහව දුම්රිය ධාවනාගාරයේ සේවකයින් විසින් දියත් කළ පැය කිහිපයක මෙහෙයුම අදියරෙන් අදියර රූගත කිරීමට එහි ගිය වයඹ ටුඩේ කණ්ඩාමට හැකි විය. දුම්රිය සේවකයින්ගේ පැය ගණනක මහන්සිය මල්ඵල ගන්වමින්  පීලිපැනීමට ලක් වී තිබූ  අංක 4094  දුම්රියේ අවසන් මැදිරිය ඊයේ රාත්‍රි 7.30 ...

Read More »

කෝච්චි පාරේ ගංවතුරෙන් ඉන්ටර්සිටි දුම්රියත් ඉබි ගමනට බසී ! ( VIDEO)

train

වැල්ලව, හදිරවලාන ප්‍රදේයට බල පා තිබූ ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශය හරහා දිවෙන උතුරු දුම්රිය මාර්ගයද අඩි කිහිපයක් උසට ජලයෙන් යට වී තිබිණි. මේ නිසා ඊයේ සහ පෙරේදා දිනවලදී එම දුම්රිය මාර්ගයේ ධාවනය  වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවල පවා  හදිරවලාන ප්‍රදේශයේදී  වේගය අඩාල කරන්නට ඒවායේ රියදුරන් විසින් කටයුතු කළහ. ඊයේ සහ පෙරේදා හදිරවලාන ප්‍රදේශයේදී ගංවතුර හරහා දුම්රිය ධාවනය කළ අයුරු පහතින් නැරඹිය හැකිය. ...

Read More »