Thursday, April 25, 2024

කුරුණෑගල නගරාධිපති හබය, අගමැති ඉදිරිපිටම එළියට !

Must read

unp_meeting

පළාත් පාලන මැතිවරණය සදහා තවත දින තුනක් පමණක් ඉතිරිව තිබියදී කුරුණෑගල නගරාධිපති අපේක්ෂකත්වය මුල්කරගනිමින් කුරුණෑගල මහ නගර සභාව සදහා තරගවදින එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම තුළ දැඩි අර්බුදයක් මතු වී තිබේ.

මෙහි ආසන්නතම සිදුවීම ඊයේ (06 දා) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී පැවැති එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැළියේදී දැකගත හැකිවිය.

මෙම රැළිය ඇමැතූ එජාප අපේක්ෂක ෆිලීෂියන් පෙරේරා මහතා ලබන 10 වැනිදා තමන් නගරාධිපතිවරයා ලෙස අනිවාර්යෙන්ම දිවුරුම්දෙන බවත්, ඒ පිළිබදව කාට හෝ සැකයක් ඇතිනම් අගමැතිවරයාගෙන් විමසා දැනගග හැකි බවත් ප්‍රකාශ කළේ ඒ වනවිට වේදිකාවේ අසුන්ගෙන සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අත දිගුකර පෙන්වමිනි.

ෆිලීෂියන් පෙරේරා මහතාගේ එම ප්‍රකාශයත් සමග වේදිකාවේ අසුන්ගෙන සිටි එජාප කණ්ඩායමේ සෙසු අපේක්ෂකයින් දැඩි අපහසුතාවයට පත් වූ බවක් පෙනුණු අතර රැළියට සහභාගි වී සිටි ඇතැම් පිරිස් තමන් සහය දක්වන අපේක්ෂකයින්ගේ රැව සහිත පුවරු ප්‍රදර්ශණය කරමින් කෑකෝ ගසන්නට වූහ. ඇති වූ අර්බුදකාරී වාතාවරණය හමුවේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා රැළිය ඇමැතීමෙන් වැළැකී සිටි අතර අගමැතිවරයා විසින් මහත් ආයාසයක් දරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා රැළිය ඇමැතීමට යොමුකළ අයුරු දැකගත හැකිවිය. නමුත් අශෝක් අබේසිංහ මහතාගේ කතාව වචන කිහිපයකට සීමා විය. ඉන් අනතුරුව අගමැතිවරයා සභාව ඇමැතූ නමුත් ඊට මොහොතකට පෙර ඇති වූ තත්වය පිළිබදව හෝ කුරුණෑගල නගරාධිපති අපේක්ෂකත්වය පිළිබදව අගමැතිවරයා විසින් කිසිදු සදහනක් නොකිරීම විශේෂත්වයක් විය.

අගමැතිවරයාගේ නික්මයමෙන් පසුව ප්‍රධාන වේදිකාව මත සිටි ෆිලීෂියන් පෙරේරා මහතා වටකරගත් සෙසු එජාප අපේක්ෂකයින් ඔහුගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළකළ අතර එහිදී අපේක්ෂක වරුණ ප්‍රේමරත්න මහතා සහ ෆිලීෂියන් පෙරේරා මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වූ බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

අදාල සිදුවීමේ වීඩියෝව පහත දැක්වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article