Thursday, April 25, 2024

ඡන්ද නීති කඩමින් පෝස්ටර් අච්චු ගැසූ කුරුණෑගල මුද්‍රණාලයකට පොලිසිය කඩා පනී ! ( VIDEO )

Must read

poster_Êse

මැතිවරණ නීතිරීති උල්ලංඝණය වන අයුරින්, කුරුණෑගල පෞද්ගලික මුද්‍රණාලයකදී මුද්‍රණය කරමින් තිබූ නීතිවිරෝධී පෝස්ටර් තොගයක් අද (08 දා) පස්වරුවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයට යාබදව පිහිටි මෙම මුද්‍රණාලය තුළදී , ප්‍රධාන දේශපාලන පක්ෂයක පෝස්ටර් තොගයක් මුද්‍රණය කරමින් පවතින බවට තවක් පක්ෂයක ආධාරකරුවන් විසින් ලබාදුන් තොරතුරකට අනුව එහි පැමිණි පොලිස් නිලධාරිහු එම මුද්‍රණාලය වටලා එහි තිබූ පෝස්ටර් තොගයෙන් කොටසක් අත්අඩංගුවට ගත්හ. මෙම මුද්‍රණාලයේ මුද්‍රණ යන්ත‍්‍රවලට සවිකර තිබූ, අදාල පොස්ටර් මුද්‍රණය කිරීමට යොදාගත් බව කියන මුද්‍රණ තහඩු කිහිපයක්ද මෙහිදී පොලිස් භාරයට ගැණිනි.

ප්‍රධාන දේශපාලන පක්ෂයක නිල ලාංඡනය සහිතව මුද්‍රණය කළ පෝස්ටර් වර්ගයක් සහ හිටපු රාජ්‍ය නායකයෙකුගේ නම සහිතව මුද්‍රණය කර තිබූ තවත් පෝස්ටර් වර්ගයක්ද අත්අඩංගුවට ගත් පෝස්ටර් තොගයට අයත්ය. අදාල වැටලීම කරන අවස්ථාව වනවිට මුද්‍රණය කළ පෝස්ටර්වලින් කොටසක් එම මුද්‍රණාලයෙන් පිටකර ඇති බවද පොලිස් ප‍්‍රශ්නකිරීම්වලදී අනාවරණය විය. නීතිවිරෝධී පොස්ටර් මුද්‍රණය කළ බවට සැකපිට මුද්‍රණාල සේවකයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැණිනි.

අදාල වැටලීමේ වීඩියෝව පහත දැක්වෙයි. වගකීමක් සහිත වෙබ් අඩවියක් වශයෙන්, මැතිවරණ නීතියට ගරු කරමින් මෙම ප්‍රවෘත්තියට අදාල ඇතැම් වීඩියෝ දර්ශණ සහ ඡායාරූප බොද කර ඇති බව කරුණාවෙන් සලකන්න.

poster _1

poster _2

poster _3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article