Friday, March 29, 2024

කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුමක් !

Must read

stf_sanasuma_hall

කුරුණෑගල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඇති ගැටුම්කාරී තත්වයක් පාලනය කිරීම මීට ටික වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරිහු එහි ‍ගෙන්වීමට සිදුවිය.

කුරුණෑගල, මුහුන්දිරම වීරතුංග මාවතේ පිහිටි සැනසුම ප්‍රජා ශාලාවේ ස්ථාපනය කර ඇති ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙහි මෙලෙස උණුසුම් තත්වයක් ඇති වී තිබේ.

අදාල ඡන්ද මධ්‍යස්ථානයේ සිදු වූ ඡන්ද විමසීමේදී යම් අක්‍රමිකතාවයක් සිදු වී ඇතැයි යන සැකය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක නියෝජිතයින් විසින් එහි ඡන්දය අවලංගු කරන ලෙස ඉල්ලා ඇති බවත්, එජාප නියෝජිතයින් විසින් ඊට විරෝධය දැක්වීම හේතුවෙන් මෙම ගැටුම ඇති වී තිබෙන බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි. එහි පැමිණි මැතිවරණ නිලධාරින් විසින් කෙසේවෙතත් අදාල ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබූ ඡන්ද පත්‍රිකා සහිත පෙට්ටිය තමන් භාරයට ප්‍රවාහනය කිරීමට සැරසෙද්දී එතැන සිටි පිරිසක් වාහන කිහිපයකට සහ සැනසුම ප්‍රජා ශාලාවට පහරදෙමින් කලහකාරීව හැසිරීම නිසා තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කැදවා තිබේ.

ගැටුම ඇති වූ සැනසුම ප්‍රජා ශාලාව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ නිවසට යාබදව පිහිටා තිබේ.

මෙම සිදුවීමේ වීඩියෝ දර්ශණ සහිත වාර්තාවක් බලාපොරොත්තුවන්න.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article