Friday, March 29, 2024

කුරුණෑගල නගර සභාවේ තීරක බලය අතට ලැබෙන ලකුණු !

Must read

mck_kurunegala

කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහයෝගය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද  සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

කුරුණෑගල මහ නගර සභාව සදහා තරග වැදුණු එක්සත් ජාතික පක්ෂය සහ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද ආසන 8 බැගින් ජයග්‍රහණය කරමින් සම තත්වයේ පසුවීම ඊට හේතු වී තිබේ.

කුරුණෑගල මහ නගර සභාව සදහා තරග වැදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආසන 03 ක් දිනාගෙන සිටින අතර ජනතා විමුක්ති පෙරමුණට සහ අකිල ඉලංගෙයි මුස්ලිම් කොංග්‍රසයට එක් අසුන බැගින් හිමි වී තිබේ. මෙම තත්වය තුළ ජයග්‍රාහී පක්ෂ දෙකටම තනිව නගර සභාවක් පිහිටුවිය නොහැකි බැවින් වෙනත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රී පිරිසකගේ සහය ලබාගැනීම අත්‍යාවශය වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහයෝගය ලබාගනිමින් ස්ථාවර  මහ නගර සභාවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින්ද බලවත් උත්සාහයක් දරමින් සිටින බවත්,  සදහා වන සාකච්ඡාවන්ද මේ වනවිට නිල නොවන මට්ටමින් ඇරඹී ඇති බවත් වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

ඒ අනුව කුරුණෑගල නගර සභාවේ තීරක බලය ආසන 03 ක් පමණක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන ලකුණු මේ වනවිට පහළවෙමින් ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් කියති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article