Saturday, April 20, 2024

කන්කසන්තුරේ ඉන්ටර්සිටියත් දැන් කුරුණෑගල දී නවත්වයි.

Must read

kks_intercity_train

ගල්කිස්සේ සිට කන්කසන්තුරේ බලා දිනපතා ධාවනය කෙරෙන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඊයේ (15 දා ) සිට කුරුණෑගල දුම්රිය ස්ථානයේ ද නවත්වන බව දුම්රිය පාලක මැදිරිය කියයි.

මෙම දුම්රිය මින් පෙර නවත්වනු ලැබුවේ අනුරාධපුරය සහ යාපනය යන දුම්රිය ස්ථානයන්හි පමණි.

ඒ අනුව ගල්කිස්ස සිට කන්කසන්තුරේ බලා ධාවනය වන නගරාන්තර දුම්රිය උදෑසන 7.25 ට පමණ කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවත්වන අතර එම දුම්රිය කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ආපසු පැමිණීමේදී පස්වරු 6.40 ට පමණ කුරුණෑගල දුම්රිය ස්ථානයේ තවත් වරක් නවත්වන බවද දුම්රිය පාලක මැදිරිය කියයි. මෙම දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයේ නැවැත්වීමත් සමග ඉතා කෙටි කාලයක් තුළ කන්කසන්තුරේට හෝ ගල්කිස්සට ගමන්කිරීමේ අවස්ථාව කුරුණෑගල ජනතාව වෙත දැන් ලැබී තිබේ.

ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය ඊයේ දිනයේදී මුල්වරට කුරුණෑගල දුම්රිය ස්ථානයේ නැවැත් වූ අවස්ථාවේදී කුරුණෑගල දුම්රිය මගීන් විසින් එම දුම්රියේ කාර්ය මණ්ඩලයට සහ මගීන්ට සංග්‍රහයක්ද පැවැත්වූහ. දුම්රිය මගීන් විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව ගල්කිස්ස – කන්කසන්තුරේ නගරාන්තර දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු යොදා ඇත.

kks_intercity_train_2

kks_intercity_train_4

kks_intercity_train_1

kks_intercity_train_3

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article