Thursday, March 28, 2024

ඕමාරගොල්ල සූරාගෙන කන රසෝජා මුදලාලි උසාවි නියෝගත් කඩයි !

Must read

 

omaragolla _water

ස්වභාවික ජල උල්පත් දහස් ගණනක් සහමුලින් විනාශ කරදමමින් සහ ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ ජීවිත අසීරු අඩියට ඇද දමමින් මැල්සිරිපුර, ඕමාරගොල්ල ප්‍රදේශයේ පිහිටුවා ඇති  පානීය ජල බෝතල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හිමිකරුවන් මෙරට අධිකරණය හෝ නීතිය පවා තුට්ටුවකට හෝ මායිම් නොකරන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ , අධිකරණ නියෝග කඩවන අයුරින් අදාල කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනය කිරීමෙන් පසු ප්‍රවාහනය කරමින් තිබූ පානීය ජල බෝතල් තොගයක්, ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව ගොකරැල්ල පොලිසිය විසින් පසුගිය 16 වැනිදා පොලිස් භාරයට ගනු ලැබීමත් සමගය.

රසෝජා නැමැති කුළුබඩු නිෂ්පාදන ආයතනයක් විසින් පවත්වාගෙන යන මෙම ජල බෝතල් නිෂ්පාදන කර්මාන්ත ශාලාව හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් සහ ජන ජීවිත දැඩි ලෙස බලපෑමම ලක් වී ඇති බව පවසමින් ඕමාරගොල්ල ප්‍රදේශවාසීන් විසින් ඊට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. එම නඩුවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය, අදාල ජල බෝතල් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අත්හිටුවමින් කරමින් මේ වනවිට තාවකාලික තහනම් නියෝගයක්ද නිකුත් කර තිබේ.

එසේ තිබියදී මෙම කම්හල තුළදී පානීය ජල බෝතල් තොගයක් නිෂ්පාදනය කර ඒවා ලොරි වලින් ප්‍රවාහනය කරන අයුරු පසුගිය 16 වැනිදා ප්‍රදේශවාසීන් විසින් දැක තිබේ. වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීහු ඒ පිළිබදව ගොකරැල්ල පොලිසිය වෙත දැනුම්දීමෙන් පසුව පන්ලියද්ද, කොස්කැලේ පිහිටි පොලිස් මාර්ග බාධකයේදී එම ලොරි රථය සහ එහි සිටි පිරිසද සමග පානීය ජල බෝතල් තොගය පොලිස් භාරයට ගනු ලැබීය. ක්‍රිස්ටල් මිස්ට් නැමැති වෙළද නාමය යටතේ ලීටර් එක හමාර බැගින් වන ලෙස නිෂ්පාදනය කළ ජල බෝතල් තොගයක් එලෙස අත්අඩංගුවට ගත් අතර ඒවායේ නිෂ්පාදිත දිනය ලෙස පසුගිය 16 වැනිදා දිනය පැහැදිලි ලෙසම සටහන් වී තිබිණි.

ලොරියේ රියදුරු ඇතුලු පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවත්, අධිකරණ නියෝග කඩවන අයුරින් ජල බෝතල් නිෂ්පාදන කිරීම පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ගොකරැල්ල පොලිසිය කියයි.

නීතිය පවා තුට්ටුවකට මායිම් නොකරමින්, මහ දවාලේ් අධිකරණ නියෝග කඩා බිද දැමීමට තරම් මෙම වතුර මුදලාලිට හයිය ලැබෙන්නේ කොතැනකින්දැයි ඕමාරගොල්ලේ ජනතාව ප්‍රශ්න කරති.

omaragolla _water_3

omaragolla _water_4

omaragolla _water_2

omaragolla _water_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article