Thursday, April 25, 2024

කුරුණෑගල මහ නගර සභාවේදී ජනපති පොඩි වෙයි. හිටපු ජනපති ලොකු වෙයි !

Must read

mck_photos

රාජ්‍ය නායක ඡායාරූප ප්‍රදර්ශණ සම්ප්‍රදාය කණපිට හරවමින්, වත්මන් රාජ්‍ය නායකයාට වඩා හිටපු රාජ්‍ය නායකයෙකුගේ රුවට මුල්තැනක් ලබාදී තිබූ අවස්ථාවක් ඊයේ (02 දා) කුරුණෑගල මහ නගර සභාවේදී දැකගත හැකිවිය.

එහි නගරාධිපති නිල කාමරයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ප්‍රදර්ශණය කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපය, වත්මන් ජනාධිපතිවරයාගේ ඡායාරූපයට වඩා දෙගුණයකටත් වඩා විශාලව සකස්කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම පළාත් පාලන විෂය භාර, වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ ඡායාරූපය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සාලින්ද දිසානායක යන මහත්වරුන්ගේ ඡායාරූප දෙකක්ද නගරාධිපති කාමරයේ සවිකර තිබූ අයුරු දැකගත හැකිවිය.

මින් පෙර අවස්ථාවන්වලදී කුරුණෑගල මහ නගර සභාවේ නිල කාමරයේ ප්‍රදර්ශණය කෙරුණේ එම සමයේදී ධූරය හොබවන ජනාධිපතිවරයාගේ ඡායාරූපය සහ වයඹ පළාත් සභාවේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයාගේ ඡායාරූප පමණි.

mck_photos_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article