Tuesday, April 23, 2024

කුරුණෑගල මාර්ග සංඥා අලෝක පද්ධතියේ දෙවැනි අදියරත් විවෘත වෙයි.

Must read

ku _trafic_light

කුරුණෑගල නගරය තුළ පවතින අධික වාහන තදබදයට විසදුමක් ලෙස ,නගරයේ ප්‍රධාන මංසන්ධි ආශ්‍රිතව ඉදිකෙරෙන මාර්ග සංඥා අලෝක ව්‍යාපෘතියේ දෙවැනි අදියර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ අතින් පසුගියදා විවෘත විය.

ඒ අනුව කුරුණෑගල ඔරලෝසු කණුව වටරවුම සහ පුත්තලම් හන්දිය ආශ‍්‍රිතව සවිකෙරුණු මාර්ග සංඥා අලෝක පද්ධති දෙකක් ඇමැතිවරයාගේ අතින් විවෘත කෙරිණි. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කුරුණෑගල, කදුරුගස් හන්දියේ ඉදිකෙරුණු අලෝක සංඥා පද්ධතිය ද පසුගිය පෙබරවාරි මාසයේදී විවෘත කෙරුණු අතර ඒ අනුව මේ වනවිට කුරුණෑගල නගරය තුළ මාර්ග ආලෝක සංඥා පද්ධති තුනක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙම ව්‍යාපෘතියේ තෙවැනි අදියර ලෙස කුරුණෑගල පුවක්ගස් හන්දිය සහ රජපීල්ල හන්දිය යන ස්ථානවලද ඉදිරි මාස දෙක තුළදී අලෝක සංඥා සවිකිරීමට නියමිත අතර කුරුණෑගල නගරයේ මාර්ග සංඥා ආලෝක සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 55 ක මුදලක් රජය මගින් වැය කිරීමට නියමිතය. විවෘතකිරීමේ අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් අධ්‍යක්ෂිකා මංගලා මාරසිංහ මහත්මිය ඇතුලු නිලධාරිහු පිරිසක්ද එක් වී සිටියහ.

ku _trafic_light_2

ku _trafic_light_1

ku _trafic_light_3

ku _trafic_light_5

ku _trafic_light_4

- Advertisement -spot_img

More articles

1 COMMENT

  1. අපෝ දැන් වෙනදට වඩා තදබදයක් තියෙන්නේ.මේකට ඕන විකල්ප මාර්ග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article