Thursday, March 28, 2024

අකිල මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා – දයාසිරි

Must read

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ක්‍රියාකලාපය දෙස බැලූ විට තමාට කියන්නට සිදුවන්නේ මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියලා යැයි වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

අමාත්‍යවරයා එසේ පැවසුයේ අද (11) වයඹ පළාත් සභාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.

අකිලගෙන් විතරයි අපිට මෙහෙම ප‍්‍රශ්න තියෙන්නේ. කරු ජයසූරිය මැතිතුමා පළාත් පාලන අමාත්‍යවරයා විදිහට දෙපාරක් අපිව කැදෙව්වා. ඊළගට සමුපකාර ඇමැතිතුමා විදිහට ජයවික‍්‍රම පෙරේරා ඇමැතිතුමත් අපිව කැදවලා කතා කළා. මේවා ඇත්තටම පළාත් සභාවලට තියෙන විෂයන්. මේවා සංවෘත ලැයිස්තුව යටතේ තියෙන විෂයන්. මේවාට අතගහන්න කාටවත් බෑ. සමුපකාර, පළාත් පාලන කියලා මධ්‍යම රජයෙන් ඇමැතිවරු දාන්න බෑ. නමුත් අසූ හතේ ඉදලාම ඇමැතිවරු දාලා තියෙනවා. කමක් නෑ කියලා අපිත් ඒ අය එක්ක වැඩකරගෙන යනවා. එහෙම යද්දී තමයි මේ ප‍්‍රශ්න. වයඹ පළාතේ පාසල් 1237 ක් තියෙන්නේ අපේ යටතේ. මධ්‍යම රජයට තියෙන්නේ පාසල් 34 යි. අපේ මනුස්සකමට අපි ගිහින් කතා කළාම මේ ගොල්ලෝ වැඩ කරන්නේ මෙහෙමද ? මේ වනතුරු කිසිම පළාතක අධ්‍යාපන ඇමැතිවරයෙක් අකිල ඇමැතිතුමාගේ  කාර්යාලයට කැදවලා කතා කරලා නෑ. මේ ඇමැතිවරයාට හැම පළාතකම අධ්‍යාපන ඇමැතිවරුත් එක්ක ප‍්‍රශ්න. මේක විහි`ඵවක් වෙලා තියෙන්නේ. කරු ජයසූරිය මැතිතුමාට පු`ඵවන් නම්, ජයවික‍්‍රම ඇමැතිතුමාට පු`ඵවන් නම් මෙතුමාට විතරක් බැරි ඇයි ?

දැන් අපි හදපුවා එතුමා වෙනස් කර කර විවෘත කරගෙන යනවා. මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරවල වල මහින්දෝදය නම ගලවලා විද්‍යාගාරය කියන නමින් එතුමා අලුතෙන් විවෘත කරනවා. කුලියාපිටිය වැවගම පාසලක විද්‍යාගාරයට එතුමා එහෙම කරලා තියනවා. එතුමාට අයිතියක් නෑ පළාත් සභා පාසල් වලට අත ගහන්න. අද කැබිනට් එකේ ඉන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කියවලා නැති අධ්‍යාපන ඇමතිවරයෙක්.

මම අධ්‍යාපන ඇමතිතුමාට කියන්නේ කරුණාකරලා බුද්ධිමත්ව වැඩකරන්න. මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා කියලා ගීතයක් තියනවා. එක තමයි මට එතුමාට කියන්න තියෙන්නේ. අධ්‍යාපන අමාත්‍යධුරයට මීට වඩා පරිණත, අත්දැකීම් සහිත පුද්ගලයෙක් සිටිය යුතුයි. නැත්නම් ඉක්මනින්ම  මුළු ලංකාවේම අධ්‍යාපනය විනාශයට පත්වෙනවා.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article