Thursday, April 25, 2024

ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට රැකියා ලබා දී සිටින සෞදි අරාබිය, රටේ සංවර්ධනයට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක්

Must read

 

ලබා දී තිබෙනවා.

–          කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියයි.

 

ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර වෙළෙඳ ගණුදෙනු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක අගයක් ගන්නවා.

ශ්‍රී ලංකාව විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නවා.

ඇමරිකානු ඩොලර් මිලියන 27 ක ශ්‍රී ලංකා තේ සෞදි අරාබියට අපනයනය කෙරෙනවා.

වර්ෂ 1974 දී සිට ශ්‍රී ලංකාව හා සෞදි අරාබිය අතර මිත්‍ර සම්බන්ධතා පවතිනවා.

ශ්‍රී ලංකාවට විදේශ රැකියා සපයන රටවල් අතර සෞදි අරාබිය ප්‍රමුඛම ස්ථානයක් ගන්නා බවත්, ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ලක්‍ෂ 2 කට පමණ සෞදි අරාබිය රැකියා ලබාදී තිබෙන බවත්, මීට අමතරව ශ්‍රී ලංකාවට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර ලබා දී තිබෙන බවත්, එම ආධාර යටතේ රටේ ව්‍යාපෘති ගණනාවක් දැනටමත් ක්‍රියාත්මක කර අවසන් බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සෞදි අරාබි රාජ්‍යයේ 88 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ ප්‍රධින ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති ගරු අබ්දුල් නසාර් අල් හාර්ති මහතා, සෞදි අරාබි රාජ්‍ය වෙනුවෙන් නිදහස් දින ජාතික උළෙලට පැමිණි ආරාධිතයින් පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ උළෙලේ ප්‍රධාන ආරාධිතයා වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය.

පළමුවෙන්ම අපගේ මිත්‍ර සෞදි අරාබියානු රාජ්‍යයේ ජාතික දින උළෙලට මම අපේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගෞරවණීය සුභ පැතුම් පිරිනමනවා. ශ්‍රී ලංකාව හා සෞදි අරාබියානු රාජ්‍ය අතර සමීප මිත්‍රශීලී සම්බන්ධතාවක් දිගු කාලයක සිටම පවතිනවා.

අප දෙරට රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කරන්නේ මීට අවුරුදු 44 කට පෙර 1974 වසරේදී සිටයි. එදා සිටම අප දෙරට ඉතාමත් මිත්‍රශීලි ලෙස කටයුතු කරනවා. අපේ ශ්‍රමිකයින් 200,000 කට ආසන්න පිරිසක් සෞදි අරාබියානු රාජ්‍යයේ සේවය කරනවා. ඒ පිළිබඳවත් මම සෞදි අරාබියානු රජයට ස්තූතිය පිරිනමනවා. සෞදි අරාබියානු රාජ්‍යය, ශ්‍රී ලංකා වෙළෙඳපොළේ 23 වැනි ආනයනික හවුල්කරුවෙකු ලෙස සිටිනවා.

2014 සිට 2017 දක්වා වූ අවුරුදු 3 ක කාලය තුළ ශ්‍රී ලංකාව හා සෞදි අරාබියානු රාජ්‍ය අතර වාර්ෂිකව මුළු වෙළෙඳ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 215 ක් වෙනවා. සෞදි අරාබිය වෙත අපනයනය කරන ප්‍රධානතම භාණ්ඩය වන්නේ සිලෝන් ටී බව කිව යුතුයි. පසුගිය වසරේදී පමණක් අප සෞදි අරාබියට අපනයනය කරන ලද සිලෝන් තේ වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 27 ක් වෙනවා. එය සෞදි අරාබියට අප කරන අපනයන ප්‍රමාණයෙන් සියයට 36 ක් වෙනවා. එය අපේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ඉතා වැදගත් වෙනවා.

ඒ වගේම සෞදි අරාබියානු රාජ්‍ය ගෙවී ගිය කාලය තුළ අපේ රටේ සංවර්ධනය ව්‍යාපෘති ගණනාවකට ඇමරිකානු ඩොලර් මිලියන 300 ක පමණ ආධාර සපයා තිබෙනවා. එම ආධාර යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන, ජල සැපයුම්, වාරිමාර්ග, කෘෂිකර්ම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නිම කරල තියෙනවා. අපි සෞදි අරාබියට තේවලට අමතරව, අඟලුම්, කෙසෙල්, වියළි පොල්, හා මාළු අපනයනය කරනවා. ඒ වගේම අපි සෞදි අරාබියෙන් ප්ලාස්ටික් වර්ග, ගෑස්, ඩීසල් තෙල්, රසායන ද්‍රව්‍ය, කඩදාසි, පදම් කිරීම හා තීන්ත සැකසීමට ගන්නා සාරයන් හා වීදුරු භාණ්ඩ ආනයනය කරනු ලබනවා. අපේ රට හා සෞදි අරාබිය අතර වෙළෙඳ  ගනුදෙණු ස‍ඳහා හොඳ විභව්‍යතාවක් පවතිනවා. එහි ප්‍රයෝජනය අපි ලබා ගත යුතුයි. “යැයි පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු රාජ්‍යයේ තානාපති අබ්දුල්නසර් අල් හාර්ති මහතා ඇතුළු සෞදි අරාබියානු රාජ්‍ය නිලධාරීන් රැසක් සහ ශ්‍රී ලංකා මැති ඇමතිවරු රැසක්ද සහභාගී විය.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article