Thursday, March 28, 2024

කුමන්ත්‍රණ අගමැති අපරාධකරුවන්ට පොදු සමාවක් ලබාගැනීමට උත්සාහයක

Must read

ශ්‍රී ලංකා දේශපාලන ඉතාහාසයේ අපකීර්තිමත්ම අගමැති ලෙස සිය ජීවිත කථාව ලියාගත් හිටපු ජනපති සහ කුමන්ත්‍රණ අගමැති රාජපක්ෂ තමන්ට හිමි ධුර කාලය කෙටි බව දන්නා නිසාදෝ තමන්ගේ පාලන සමයේ සිදුවූ අපරාධයන් සදහා වැරදිකරුවන් වීම දැනට බන්ධනාගාර ගතව සිටින පිරිස් නිදහස් කිරීමේ ප්‍රයත්නයක යෙදෙමින් සිටින බව වාර්ථා වෙයි. මේ සම්බන්දයෙන් වන නීතිමය අවකාශයන් සොයාබැලීම සදහා ලංකා ඉතිහාසයේ සිටි අපකීර්තිමත් අගවිනිසුරුවරයා වන සරත් එන්. සිල්වා ඇතුළු පිරිසකට උපදෙස් නිකුත්කර ඇති බවත් දැනගන්නට ඇත

මෙහි එක් පියවරක් ලෙස කුමන්ත්‍රණ අගමැති රාජපක්ෂ ඊයේ (29) පෙරවරුවේදී 2011 වර්ෂයේ දී තංගල්ල හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කූරාම් ෂෙයික් නැමැත්තා ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කල වරදට සිරගත කර සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණගේ දුකසැප බැලීමට වැලිකට බන්ධානාගාරය වෙත ගොස් ඇතැයි වර්ථා වෙයි. වැලිකඩ බන්ධනාගාරයේ PH වාට්ටුවට ගොස් ඇති රාජපක්ෂ මහතා සම්පත් විදානපතිරණ සමග විනාඩි 20කට වැඩි කාලයක් කතාබහ කරමින් සිට ඇත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article