Thursday, March 28, 2024

දයාසිරිට බෝඩ් මාරු වෙයි.

Must read

 

පසුගිය 03 වැනිදා පැවැති වයඹ පළාත් සභා රැස්වීම රත් වී ගියේ අගමැති රනිල් වික‍්‍රමසිංහට එරෙහි ආණ්ඩු පක්ෂයේ විරෝධතාවයක් හේතුවෙනි. අගමැති රනිල්ගේ සුප‍්‍රක‍්‍රට ”කුරුණෑගල ප‍්‍රකාශය” ජනමාධ්‍යයට තර්ජනයක් බව කියමින් ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එදින සභා රැස්වීමට ඇතුඵ වූයේ අගමැති රනිල් මුවහමක් කරගනිමින් ආණ්ඩුවට තඩිබාන්නට කලින් සූදානම් කරගත් ආයුධද අතැතිවය. ආණ්ඩු පක්ෂයේ එක්  එක් මන්ත‍්‍රීවරයා වෙත බෙදා දී තිබූ එම ආයුධ වූයේ ලියුම් කවරයක බහා තිබූ කලූ පැහැති රෙදි පටියක් සහ විරෝධතා වැකියක් ලියූ ෆයිල් කවරයකි. සභාව ඇරඹෙන්නටත් පෙරම මහඇමැති දයාසිරි, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සභා නායක සුමල් තිසේරා, මන්ත‍්‍රී ෙටි‍්‍රවින් ප‍්‍රනාන්දු ඇතු`ඵ පිරිසක් සභාවට පැමිණ සිටියහ.  ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් පළමුව කළේ එතෙක් ලිපි කවරවල බහා ස`ගවාගෙන සිටි කලූ පටි එළියට ඇ`දගෙන එකිනෙකාගේ අත්වල ගැට ගසාගැනීමය.

සභාපති ධර්මසිරි මුලසුනට පැමිණීමත් සම`ග සභා රැස්වීම ආරම්භ වූ නමුත් එජාපයේ මන්ත‍්‍රීවරුන් කිසිවෙකුත් ඒ වනවිට සභාවේ පැමිණ නොසිටියහ. එජාප මන්ත‍්‍රීවරුන් එකා දෙන්නා බැගින් සභාවට දී ආවේ සභා රැස්වීම ආරම්භ ටික වේලාවක් ගතවුනාට පසුවය. ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශ අවස්ථාවේ නැගී සිටි ඇමැති  සන්ධ්‍ය රාජපක්ෂ විසින් මව්බිම පුවත්පත් වාර්තාවක්ද සභාවට ප‍්‍රදර්ශනය කරමින් , අගමැති රනිල් කුරුණෑගලදී කර ඇති ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අප‍්‍රසාදය පළ කර සිටියේය. රනිල් පුවත්පත් කිහිපයක සහ කර්තෘවරුන් කිහිපදෙනෙකුගේ නම් ප‍්‍රසිද්ධියේ සදහන් කරමින් ඔවුන්ට තර්ජනය කිරීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් පැවසීමත් සමග විපක්ෂ මන්ත‍්‍රීවරුන් ඇමැති සන්ධ්‍යට බාධා කරමින් කෑ කෝ ගසන්නට වීම නිසා එක් ඇසිල්ලකින් සභා රැස්වීම එකම කාලගෝට්ටයක් බවට පත්විය. ඒ අතරේ මන්ත‍්‍රී ශමල් සෙනරත්, ඇමැති සන්ධ්‍ය සහ මහ ඇමැති දයාසිරි ජයසේකර අතරේ උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය. මේ බාධාකිරීම් මැද සිය කතාව කරගෙන ගිය  ඇමැති සන්ධ්‍ය විසින් හිස සෙළවීමෙන් දුන් සංඥාවත් සමගම සිය අසුන්වලින් නැගී සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් විරෝධතා වැකි ලියා තිබූ ෆයිල් කවර විපක්ෂය පෙන්වමින් ඝෝෂා කරන්නට වූහ. ”නව අගමැති  මාධ්‍යට ඔරවයි.” ”මාධ්‍යයට කළ තර්ජන හෙළ දකිමු.” ”නිදහස් මාධ්‍යයේ එන් ජී  ඕ හොර නඩය මර නින්දේ .” ආදී වැකි ගණනාවක් එම ෆයිල් කවරවල ලියා තිබිණි. ඇමැති සන්ධ්‍යගේ සංඥාවත් සමගම මහ ඇමැති දයාසිරිත්  අගමැතිට විරෝධය පාන්නට අසුනෙන් නැගී සිටියත් ඔහුගේ ෆයිල් කවරය අස්ථාන ගත වීමෙන් ඔහුට මුහුණදීමට සිදු වූයේ මහ අලකලංචියකටය. ”කෝ , කෝ මගේ ෆයිල් එක” යැයි කියමින් දයාසිරි ඔහුගේ විරෝධතා පුවරුව දහ අතේ සෙවූ නමුත් එය හමුවූයේ නැත . අවසානයේදී දයාසිරිගේ පිහිටට ආවේ පිටුපස අසුනක සිටි මන්ත‍්‍රී ටෙ‍්‍රවින් පුනාන්දුය. මන්ත‍්‍රී ‍ෙටි‍්‍රවින් කොහේද සිට ගෙනා ෆයිල් කවරයක් දයාසිරිගේ අතට දුන් අතර දයාසිරිද එහි ඇත්තේ මොනවාදැයි නොබලාම ඒ වන විට සභාගැබට එල්ලවී තිබූ මාධ්‍ය කැමැරාවලට පෙනෙනන්ට අල්ලා ගත්තේය. තමා අල්ලාගෙන සිටින්නේ වැරදි පුවරුවක් බව දයාසිරිට වැටහුණේ විපක්ෂයෙන් උසුඵ විසුඵ එල්ලවෙද්දීය. අල්ලාගෙන  සිටින පුවරුවේ වහාම තමා දෙසට හරවාගත් දයාසිරි එහි ලියා ඇත්තේ මොනවාදැයි කියැවූයේ එවිටය. එහි සදහන් වී තිබුණේ  ”සුනන්ද උඹ බුදිද ? ” යනුවෙනි. එය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සුනන්ද දේශප‍්‍රිය ඉලක්ක කරගනිමින් ලියා තිබූ එකක් බව වටහාගත් දයාසිරි තමාට පිටුපස සිටි ඉන්ද්‍රානි දසනායක අතට එම පුවරුව දී දයාසිරි අතේ තිබූ පුවරුව ඉන්ද්‍රානිට දී වරද නිවැරදි කරගත්තේය. විපක්ෂයේ බාධාකිරීම් මැද්දේ විනාඩි පහකට ආසන්න කාලයක් සිය විරෝධය ප‍්‍රදර්ශණය කළ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් යළිත් තම අසුන්වල අසුන් ගැනීමත් සමග සභා රැස්විම යළි සන්සුන් තත්වයට පත් විය.D 05

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article