Thursday, April 25, 2024

”රට වෙනුවෙන් එකට සිටිමට පුත්තලමට අනූ දහසක ජනතාවක්

Must read

0143631f0c861936655f240e40b54c58_XL
රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහන ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි මාර්තු මස 18 දින ආරම්භ වූ අතර මාර්තු මස 22 දින දක්වා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ඉලක්ක කර ගෙන එම වැඩසටහනට අයත් මහජන සේවා ක්‍රියාත්මක වන බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසයි.

මෙම ජාතික වැඩ සටහනේ ආරම්භක දිනයේදීම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ජනතා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා 90,000ක ජනතාවක් පැමිණ ඇති බවත් ඉදිරි දින කීපය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එහි ප්‍රතිලාභීන් වන බවත් පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පුත්තලම දිස්ත්‍රික්කය පුරා ක්‍රියාවට නැගෙන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩ සටහනේ ප්‍රගතිය පිළිබඳව (19) දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් හා මඟපෙන්වීම මත “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩ සටහනේ ප්‍රථම වැඩ සටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීම පිළිබඳව ජනාධිපතිතුමන් වෙත කෘතඥතාවය පළ කර සිටියේය.

තව දුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් වරයා:

“ අතිගරු ජනාධිපතිතුමන් දිස්ත්‍රික්කයේ දුෂ්කරතාවයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගම් 548ක් ඉලක්ක කර පසුගිය කාලපරිච්ඡේදයේ ග්‍රාම ශක්ති වැඩ පිළිවෙළ ද ආරම්භ කරමින් පුත්තලම දිස්ත්‍රික්කයට සංවර්ධන වැඩ සටහන් රාශියක් හඳුන්වා දුන්නා. ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අතරින් දරුවන් සුරකිමු. මත්ද්‍රව්‍ය නිවාරණ, තිරසර පාරිසරික වැඩසටහන්, වකුගඩු රෝග නිවාරණ වැඩ සටහන් ඇතුළු විශේෂ සංවර්ධන යෝජනා රාශියක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නංවා තිබේ.

සතියක් පුරා මෙම දිස්ත්‍රික්කයේ පැවැත්වෙන මෙම ජාතික වැඩ සටහන මඟින් මේ වනවිට ශ්‍රම ශක්ති වැඩ සටහනේ ප්‍රතිලාභීන් 4063ක් වාර්තා වී තිබෙනවා. ඩෙංගු මර්ධන වැඩසටහන තුළින් මේ වනවිට ප්‍රතිලාභීන් 4440ක් හඳුනාගෙන තිබෙනවා. දරුවන් සුරකිමු ව්‍යාපෘතිය යටතේ ප්‍රතිලාභීන් 2983ක් වාර්තා වී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන තුළින් ප්‍රතිලාභීන් 4653ක් වාර්තා වෙනවා. වකුගඩු රෝග නිවාරණ පුතිලාභීන් 994ක් වාර්තා වෙනවා. ආබාධිත හා වැඩිහිටි සවිබල ගැන්වීමේ ප්‍රතිලාභීන් වීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ දිස්ත්‍රික් ලේකම්වරයා මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට දායක වූ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ට සිය කෘතවේදීත්වය පළ කළේය.

News.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article