Friday, March 29, 2024

එජාප මන්ත්‍රී කුඩු සමඟ අත්අඩංගුවට

Must read

67835765_2389644461316009_2476566305667284992_n (1.43pm) ප්‍රා.සභා මන්ත්‍රී  ඩිමන්ත විමුක්ති ඒකනායකව ඊයේ කොළඹ මත්ද්‍රව්‍ය  නාශක අංශය විසින්   ආනමඩුව පුත්තලම මාර්ගයේ තෝනගල හන්දියේදී අත්අඩංගුවට ගෙන තිඛේ. අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔහු ලඟ මත්ද්‍රව්‍ය මිලි ග්‍රැම් 700 ක් තිබී ඇති අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණ තොරතුරක් මත මෙම පරීක්ෂාව සිදුකර ඇත. පසුව  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින්  ප්‍රා.සභා මන්ත්‍රීවරයාව ආණමඩුව පොලීසියට බාරදී දි තිඛේ. අධිකරණයෙන් ඔහුව ලබන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ආනමඩුව මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු දුලාංගිකා ජයසිංහ මහත්මිය නියෝග  කර තිඛේ.
කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ප්‍රා.සභා මන්ත්‍රී  ඩිමන්ත විමුක්ති ඒකනායක පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංග බන්ඩාර මහතාගේ ලගම ඥාතියෙකු වන බවද වන අතර    මෙම මන්ත්‍රීවරයා නිදන් හැරිමක් සම්බන්ධයෙන් මිට පෙරද චෝදනා ලැබූවෙකු බව වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article