Saturday, April 20, 2024

කොටන් ඇද්දේ මම , පෙරහැරේ යන්නේ වෙන අය !

Must read

 

වයඹ පළාත් සභාවේ විමධ්‍යගත අරමුදල් යොදවා ඉදිකරනු ලැබූ කුලියාපිටිය මැතිවරණ කොට්ඨාශයේ විදුලි දිගු තුනක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් විවෘත කිරීම සදහා අවශ්‍ය කටයුතු යොදන ලෙසට ඇමැතිවරයාගේ පුද්ගලික ලේකම්වරයා මගින් ලංකා විදුලිබල මණ්ඩලයේ කුලියාපිටිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව නියෝග කිරීමෙන් අදාළ ව්‍යාපෘතියට මුදල් වෙන් කළ මන්ත‍්‍රීවරයා ලෙස තමාට අසාධාරණයක් හා අකටයුත්තක් සිදු වී ඇතැයි වයඹ පළාත් සභා මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මහතා විසින් වයඹ පළාත් සභාවේදී චෝදනා කළේය.

ඒ මහතා මෙම චෝදනාව කළේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ පුද්ගලික ලේකම් බව කියන නීතිඥ අමිල කාරියවසම් මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කුලියාපිටිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වෙත යැවූ බව කියන ලිපියක්ද ප‍්‍රදර්ණනය කරමින් පසුගියදා පැවැති වයඹ පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීමේ අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමන්ප‍්‍රිය හේරත් මහතා මෙසේද කීය.

අපේ අධ්‍යාපන ඇමැතිතුමාගේ පුද්ගලික ලේකම්වරයා පහුගිය දවසක කුලියාපිටිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාට ලියුමක් යවලා තියෙනවා” කුලියාපිටිය ආසනයේ තියෙන විදුලි දිගු කිහිපයක් ඇමැතිතුමාගේ අතින් විවෘත කරන්න හදලා දෙන්න කියලා.  නමුත් ගරු සභාපතිතුමනි මෙතැන තියෙන ප‍්‍රශ්නය තමයි” මේ විදුලි දිගු සියල්ලම හැදුවේ 2014 වසරේ පළාත් ආයෝජන යටතේ. ඒ කියන්නේ වයඹ පළාත් සභාවේ මුදල් වියදම් කරලා. නමුත් දැන් ඒවා විවෘත කරන්න යන්නේ ඒ කිසිම දෙයකට සම්බන්ධයක් නැති අකිල ඇමැතිවරයා. විශේෂයෙන්ම මේ ඉහළ ඇන්නරුව – කොටිකාඹේ විදුලි දිගුව සදහා යෙදුවේ මට ලැබුණු විමධ්‍යගත අරමුදල් සහ 2013 වසරේ වයඹ පුබුදුව විශේෂ ව්‍යාපෘති යටතේ මට ලැබණු මුදල්.  ඒ සල්ලිවලින් තමයි ඒ ගම්මානවලට විදුලිය දුන්නේ. නමුත් ඒ විදුලි දිගුව විවෘත කිරීමේ අයිතිය මට නැති කරලා අකිල ඇමැතිතුමා ඒවා බලහත්කාරයෙන් විවෘත කරගෙන යනවා. අපි යම් සංවර්ධන වැඩකට මුදල් වෙන් කළා නම් ඒක විවෘත කිරීමත් අපිට තියෙන අයිතිවාසිකමක්. ජනතාවත් බලාපොරොත්තු වෙන්නේ මුදල් වෙන්කරලා දුන්නු මන්ත‍්‍රීවරයාම ඇවිල්ලා ඒක විවෘත කරයි කියලයි. නමුත් අකිල ඇමැතිතුමාලා මේ කිසිම කිසිම දෙයක් ගැන වග විභාගයක් නැතිව කිසිමසදාචාරයක් නැති විදිහට තමයි අද කුලියාපිටිය ආසනයේ වැඩ කටයුතු කරමින්යන්නේ. යැයි පැවසීය.

මන්ත‍්‍රීවරයා විසින් සභාවට ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක් වේ.

r1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article