Friday, March 29, 2024

“කසල ප්‍රශ්න විසඳීමට වෙනත් විකල්ප තිබෙනවා.”-රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස්

Must read

PHOTO_20190912_111020 (1)

පුත්තලම සේරක්කුලිව  ප්‍රදේශයට කොළඹ සිට අපද්‍රව්‍ය ගෙනත් දැමීමත් සමඟ ඇතිවී ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා හලාවත ක්‍රිස්තු සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වන ලදී.මෙහිදී සෙරක්කුලිය කුණු ප්‍රශ්නය ගැන අදහස් පලකළ හලාවත රදගුරු අති උතුම් වැලන්ස් මෙන්දිස් හිමිපාණන් පවසා ඇත්තේ අපද්‍රව්‍ය කළමණාකරනය කිරීමට වෙනත් ක්‍රම ⁣ලෝකයේ තිබෙන අතර කුණු පුලුස්සා එයින් විදුලිය නිපදවීම ඒ එක් සාර්ථක ක්‍රමයක් බවයි. ඒ වෙනුවෙන් ආයෝජකයන්ද ශ්‍රී ලංකාවට පැමිණි බවද රජය ඒවාට එකඟ නොවීම අභාග්‍යක් බවද හිමිපාණන් ගේ අදහස වී තිබේ.
“අරුවක්කාලු කසල අංගනය පිළිබඳව තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මෙය කෙතරම් දුරට සනීපාරක්ෂකද කියන එක.එතනින් අපි අදහස් කරන්නේ කාගේ සනීපාරක්ෂාවද කියන එක. ඒ කියන්නේ ජනතාවගේ සනීපාරක්ෂාව.අනෙක් කාරණය තමයි මේ කොයි කවුරුත් දන්නවා අරුවක්කාලු කියලා කිව්වට මේ කසල රඳවන්නේ සේරක්කුලිය කියන ධීවර ගම්මානයේ. මේ ගම්මානයට ඉතාම සමීපව තමයි මේ කුණු තැන්පත් කරන්නේ.ඒ නිසා මේ දුක්ගැනවිලි කියන්න නිතරම ජනතාව අප වෙත එනවා.ඒ නිසයි අදාළ වගකිවයුතු අය දැනුවත් කරන්න මෙම මාධ්‍ය සාකච්ඡාව කැදෙව්වේ “ප්‍රකාශ කරන ලදී.70113388_665134770657614_3558349485266436096_n
මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයන් ,ප්‍රාදේශීය දේශපාලකයන්,පරිසර සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඡායාරෑපය – ප්‍රසාද් පූර්නිමාල්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article