Thursday, April 25, 2024

කුමුදු වැලි හෝටලයේ බූරුවා ගැසීම වැටලූ පොලිස් නිලධාරීන් පිළබඳව විමර්ශනයක්

Must read

PSX_20190916_191915

නයිනමඩම ප්‍රදේශයේ කුමුදුවැලි හෝටලයේ බූරු ගසමින් සිටි පුදුගලයින් 28 දෙනෙකු ව හලාවත දූෂණ මර්ධන ඒකකය විසින් දැනට සතියකට පමණ පෙරදී අත්අඩංගුවට ගන්නා ලදී.
ඒලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 28 දෙනා අතරින් පුද්ගලයින් 08 දෙනෙකුව සහ මුදලින් එක් ලක්ෂ එකහමාරක මුදලක් හලාවත දූෂණ මර්ධන ඒකකය විසින් වෙන්නප්පුව පොලීසියට බාරදී ඇති අතර ඉතිරි මුදල් සහ තවත් පුද්ගලයින් 20 දෙනෙකු ට නිදහස් කර ඇත.
මේ සම්බන්ධයෙන් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වැටලීමට සහභාගී වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය මේවන විටතහනම් කර ඇති බව වාර්තාවේ.
මෙහි පැමිණිලිකරු වන  කුමුදු වැලි රිසෝට් හි ප්‍රධානියාගේ කටඋත්තරය පරිදි එම ස්ථානයේ කෝටියකට ආසන්න මුදලක්  පමණ මුදලක් තිබී ඇති අතර එම මුදල් අස්ථානගතවීම සම්බන්ධයෙන් වැටලීමට සහභාගී වූ නිලධාරීන් පිළිබඳව සැකයක් මතුවි ඇත.
එදින රාත්‍රියේ බුරු ගැසීමට පැමිණ සිටි පුද්ගලයින් අතර මීගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලකයෙකුගේ පියා ද සිට ඇති බවත් වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article