Thursday, April 25, 2024

සුදු පොල සුද්ද කරන්නට ගිය හලාවත දූෂණ නිලධාරීන්ට වැඩ වරදී

Must read

police2(9.09am) වෙන්නප්පුවේ හෝටලයක පැවැති සූදු පොළක් වටලා එහි තිබුණු රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ බවට  හලාවත කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිසියේ අට දෙනකුගේ චෝදනා එල්ල වී ඇති අතර මේ වනවිට ඔවුන්ගේ වැඩ තහනම් කැර ඇත.
මෙම වැටලීම සදහා සහභාගී වූ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, කොස්තාපල්වරු පස් දෙනෙක් සහ කොස්තාපල් රියැදුරෙක් එසේ වැඩ තහනමට ලක් වූ නිලධාරීන් අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කෙළේය.  හලාවත කොට්ඨාශ දූෂණ මර්දන අංශය විසින් එම ස්ථානය වටලා ඇත්තේ පසුගිය 6 වැනිදාය. එහිදී සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අය සූදුවේ නිරතව සිටියේ යැයි සඳහන් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ද සිය භාරයට ගත් බව වෙන්න්ප්පුව පොලීසියේ වාර්තා කර තිඛේ.
මෙම වැටලීම කළ නිලධාරීන්ට  එල්ල වී ඇති චෝදනාව වන්නේ  එම ස්ථානයේ  රුපියල් කෝටියකට අධික මුදලක් තිබුණු බවය. වැටලීම කරන අවස්ථාවේදී සූදු පොලේ සැකකරුවන් 20 දෙනකුට වැඩි පිරිසක් සිට ඇතත් අත්අඩංගුවට ගන්නේ 9 දෙනෙක් පමණක් බවට වූ චෝදනාවක්ද වැටලීම කළ නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article