Wednesday, April 24, 2024

පැරණි පුත්තලම් – මන්නාරම් පාර ජලයෙන් යටවේ- විල්පත්තු වනජීවි නිලධාරීන් තාවකාලිකව ඉවත් වේ

Must read

image_cb53834eb3(2.05pm)කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා  වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව, ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර විලපත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලයේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව වාර්තා වේ.

දිගින් දිගටම පවතින අධික වර්ෂාව හා රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමත් සමඟ පුත්තලම මන්නාරම මාර්ගයේ ක්‍රොස්වේ සපත්තු පාලම ආසන්නයේ 21 දින වන විට අඩි 8 කට ආසන්න ජල කදක් ගලා යමින් පවතින බව ආපදා කළමනාකරණ ඒකකය පවසයි.image_50140d4c80

කෙසේ නමුත් දිගින් දිගටම පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම පැරණි මන්නාරම මාර්ගය ජලයෙන් යටවිමත් සමඟ සම්පුර්ණයෙන් ගමනාගමන කටයුතු තහනම් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එම්.ආර්.එන්.කේ . අලහකොන් මහතා පවසයි.

තොරතුරු – ලංකාදීප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article