Thursday, March 28, 2024

එජාප පා.මන්ත්‍රී ශාන්ත අබේසේකර නැවතත් බන්ධනාගාරයට

Must read

	
image_fbdb074cc1 
(1.09pm) හලාවත මහාධිකරණය විසින් නියම 
කර තිබු ඇප කොන්දේසි උල්ලංඝණය කිරිම නිසා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර 
සිටින පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ 
 පාර්ලිමේන්තු මන්ත්‍රි වලිමුනි මෙන්ඩිස් ශාන්ත සිසිර කුමාර අබේසේකර මහතාට
 එරෙහි නඩුව මේ මස 15 වන දින යළි කැදවීමට   ඊයේ ( 5 දා ) හලාවත මහාධිකරණය විසින් දැනුම් දුන්නේය. 
 හලාවත මහාධිකරණ විනිසුරු වයි.ප්‍රනාන්දු මෙනෙවිය අසනීපව සිටි  නිවාඩු ලබා සිටි 
බැවින් මෙම නඩුව කැදවිම මහාධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ සිදුවු අතර ඒ අනුව මෙම දැන්විම
 රෙජිස්ටාර්වරයා විසින් කර සිටියේය.
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකාර මන්ත්‍රිවරයා ඊයේ  ( 5දා ) බන්ධනා
ගාර නිලධාරින් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලදි.
2004 වසරේ මැයි මස 30 වන දින හෝ ඊට ආසන්න දිනයක දි 
 අයුතු ජනරාශියක සාමාජිකත්වය දරමින්    නිති විරෝධිව ගිනි අවියක් 
සහ ජීව පතරොම් තොගයක් සන්තකයේ තබා ගැනීමේ 

සිද්ධියක් සම්බන්දයෙන් චෝදනා නගමින් මන්ත්‍රිවරයා ඇතුළු පුද්ගලයන් තුන් දෙනෙකුට එරෙහිව නඩුවක් හලාවත මහාධිකරණය හමුවෙහි  පවරා තිබුණි.
පසුව 2011 වසරේ මාර්තු මස 21 වන දින සැකකරුවන් හලාවත මහාධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණි. එම ඇප කොන්දේසි මත සැකකරුවන් 
සෑම ඉරුදිනකම පෙරවරු කාලයේ දි හලාවත පොලිසිය හමුවෙහි වාර්තා කළ යුතුව නියම තිබුඅතර පසුව එම කොන්දේසිය ලිහිල් කරමින් සෑම මසකම 
අවසන් ඉරුදින හලාවත පොලිසියට වාර්තා කිරිමට නියම කර තිබුණි. 
මෙම නඩුව යළි පසුගිය මස  10 දා  හලාවත  මහාධිකරණය හමුවෙහි විභාගයට ගත් අවස්ථාවේ දි සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවස්ථා හතරක
 දි මහාධිකරණය විසින් නියම කරණ ලද පොලිසියෙහි පෙනි සිටිය යුතුය යන කොන්දේසිය අවස්ථා හතරක දි කඩ කර ඇති බව හලාවත පොලිසිය 
අධිකරණය වෙත වාර්තා කර තිබු 
බැවින් ඔහුව එම මස 17 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට නියම කර තිබුණි. 
  
මෙදින නඩු විභාගවේ දි සැකකාර මන්ත්‍රිවරයා අධිකරණ නියෝගය කඩ කර ඇති බවට තහවුරු වන කරුණු හෙළිව ඇති බැවින් ‍ඒ සම්බන්ධයෙන් වර්තාවක් ඉදිරිපත් කරණ ලෙස
 දන්වමින් සැකකරු යළි රිමාන්ඩි බන්ධනාගාර ගත කිරිමට නියම කරණ ලදි. 
මෙම නඩුවේ එක් සැකකරුවෙක් මිය ගොස් ඇති අතර අනෙකා කොන්දේසි ඉටු කර තිබු බවත් හෙලි විය .
ඒ අනුව මෙම නඩු විභාගය යලි මේ මස 15 වන දින විභාගයට ගැනීමට නියමිතව ඇත. 
රජයේ අධිනිතිඥ අසංග මෙන්ඩිස් මහතා පැමිණිල්ල ඉදිරිපත් කර තිබු අතර නිතිඥ නිහාල් සුමනධිර නිතිඥ අනුර මැද්දේගොඩ නිතිඥ නුවන් ජයවීර නිතිඥ නිශාදි කන්නන්ගර යන මහත්ම මහත්මීන් සැකකාර මන්ත්‍රිවරයා වෙනුවෙන් පෙනි සිටියහ.

ඔගස්ටින් ප්‍රනාන්දු / හලාවත
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article