Saturday, April 20, 2024

ජනප්‍රිය කේෂවර්ධන තෙලක් හොරට හදා ලක්ෂ ගණන් ආදායමක් ලබලා

Must read

gingelly-oil-500x500

කේෂ වර්ධනයට භාවිතා කරන ප්‍රසිද්ධ  වෙළෙඳ නාමයක් අනුකරනය කරමින් ව්‍යාජ කේෂ වර්ධන (කොණ්ඩය වැවෙන) තෛලයක් නිෂ්පාදනය කර රුපියල් ලක්ෂ විස්සක පමණ එකී නිෂ්පාදන ලංකාව පුර‍ා බෙදාහරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු එම නිෂ්පාදන තොගයක් සමඟ කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී

අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක 70/24 පස්වෙනි පටුමග, ලූර්දු පෙදෙස, කොච්චිකඩේ පදිංචි අයෙක් වන අතර

මේ තැනැත්තා ප්‍රසිද්ධ රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයකු යටතේ සේවය කරමින් සිට ඇත. ආයුර්වේද වෛද්‍යවරයා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ කේෂ වර්ධන තෛලයක් තමන්ටම ආවේණික බෙහෙත් වට්ටෝරුවක් යටතේ නිෂ්පාදනය කර බෙදාහරියි.

සැකකරු මෙම වෛද්‍යවරයා යටතේ ඖෂධ නිෂ්පාදනය හා ලංකාව පුරා එම බෙහෙත් තෛල බෙදාහැරීමේ කටයුතුවල යෙදී සිට ඇත. මොහු එම තෛල නිෂ්පාදනය කරන අයුරු සහ එම නිෂ්පාදන අලෙවිය සඳහා දැන ගැනීමෙන් අනතුරුව වෛද්‍යවරයාට නොදන්වා ඔහුගෙන් වෙන්ව එම වෙළෙඳ නාමයෙන් ම හොර රහසේ බෙහෙත් තෛල නිෂ්පාදනය කර ලංකාව පුරා බෙදාහැර ඇති බවට පැමිණිලිකරු චෝදනා කර තිබේ.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article