Thursday, April 18, 2024

“ජනාධිපතිවරණයට නාත්තන්ඩියේ වැඩ කෙරුවේ කෙණෙහිලිකම් රාශියක් මැද”චිත්‍රාල් කියයි

Must read

PSX_20191118_125210එක්සත් ජාතික පක්ෂයේ නාත්තන්ඩිය සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් පෙරේරා සිය මුහුණු පොතේ නාත්තන්ඩිය ආසනය තුළ ජනාධිපතිවරණයට දේශපාලනය කිරී⁣මේ අත්දැකීම් ගැන සටහනක් පළකර තිබේ.

නාත්තනඩිය ආසනයේ සංවිධායකධුරය තමන්⁣ට ලබාදෙන ලෙස කාලයක් තිස්සේ ඉල්ලීම් කළද එය නොලබුණ බවත් ජනාධිපතිවරණය කටේ තිබියදී සංවිධායකධුරය ලබාදුන් බවත් ඔහු සඳහන්කර ති⁣බේ. එනමුත් තමන්ට හැකි උපරිමයෙන් තමන් කටයුතු කළ බවත් එයද සිදුකරන්න⁣ට වූයේ දහසක් කෙණෙහිලිකම් ,බාධා මැද බව ඔහු සදහන් කර තිබේ.

චිත්‍රාල් ප්‍රනාන්දු මහතාට බාධාකිරීම් කරන්නේ කවුද යන්න ප්‍රසිද්ධ රහසකි.⁣වෙන්නප්පුව ආසනය පසුගිය ජනාධිපතිවරණයේදීත් , එජාපය පැරදුන අතර වෙන්නප්පුව ප්‍රාදේශිය සභා ඡන්දයේදීත් පරාජය විය. පා.මන්ත්‍රි නිරෝෂන් පෙරේරාගේ නායකත්වයෙන් තවමත් වෙන්නප්පුව ආසනය දිනා නැත. දිනවීමට අවශ්‍ය දේශපාලන සමගියක් ගොඩනැගීමට ද ඔහුට හෝ ඔහුගේ හෙංචයින්ට ඕනෑකමක් නොමැත.

නාත්තන්ඩිය ආසනය සංවිධායකධුරය අහම්බෙන් හෝ චිත්‍රාල් ට ලැබුනේ එජාපයේ වෙනත් සාධකයක් මත විණා  ලැබිය යුතු වෙලාවට හෝ නායකත්වය විසින් පිරිනමනු ලද්දක් නොවේ.

මේ කලකිරිම චිත්‍රාල් ප්‍රනාන්දුට පමණක් ඇති කලකිරීමක් නොවන අතර ප්‍රාදේශීය මට්ටමින් බොහෝ එජාප ක්‍රියාකාරිකයන් අත්විඳින කර්කශක අත්දැකීමකි. තමන්ට ඉහලින් සිටින පා.මන්ත්‍රීවරයාගේ හෝ නායකයාගේ ආධිපත්‍යයට යටත්වීමට සිදුවීම ඉතාමත් අයුක්තිසහගත මෙන්ම භාවිතාවක් හා දේශපාලන සදාචාරසම්පන්නකමක් ලෙස වැරදිය.වෙනස් විය යුතු නමුත් වෙනස් නොවන මෙම ක්‍රමය ධනපති පක්ෂවල ගති ස්වභාවයයි. නමුත් නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු ⁣තමන්ට සිදුවන මෙම අසාධාරණයට විරුද්ධව යමක් ප්‍රකාශ කරයි, සාමාජිකයින් දැනුවත් කරයි.එය අගය කළ යුතුය. ඔහු වැන්නන් අතින් අපේ සමාජයට සේවයක් වලක්වන්නා කවුරුන් වුවද ඔහු ජනතාවට සැබෑවට ආදරේ කරන දේශපාලනඥයෙකු විය නොහැක.

Screenshot_2019-11-18-12-42-56

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article