Tuesday, April 16, 2024

වයඹ සමූපේ ගණන් බහී.

Must read

වයඹ පළාතේ සමූපකාර අලෙවිසැල්වලින් අලෙවි කරන අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල අද (12 දා)  සිට ක‍්‍රියාත්මක වන පරිදි පහළ දැමූ බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

ඒ අනුව සුදු සීනී කිලෝවක් රුපියල් 79 කට , රතු සීනී කිලෝවක් රුපියල් 87.50 කට, පරිප්පු ( ලොකු ) කිලෝවක් රුපියල් 190 කට, පරිප්පු ( මධ්‍යම ) කිලෝවක් රුපියල් 168 කඩ, පරිප්පු ( කුඩා ) කිලෝවක් රුපියල් 168 කට, කඩල කිලෝවක් රුපියල් 154 කට , ආනයනික සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 66. 50 කට සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 80 කට වයඹ පළාත පුරා පිහිටි සිය`ඵ සමූපකාර අලෙවිසැල්වලින් අද සිට මිලදී ගත හැකි බවද ප‍්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ ප‍්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය.

නව ආණ්ඩුවෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහත හෙළීමේ ක‍්‍රියාදාමයක් සකස් කරලා තිබුණා. ඒ වැඩපිලිවෙලට සහයදීමක් විදිහට මාර්තු 12 වැනිදා ඉදලා වයඹ පළාතේ සමූපකාරවලින් අලෙවිකරන අතවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අඩු කරන්න අපිත් තීරණය කළා. වෙළදපොලේ අනිත් කඩවල තියෙන මුදලට වැඩිය ඉතාමත් අඩු මුදලකට වගේම , විශාල මිල පරතරයක් ඇතිව භාණ්ඩ අලෙවි කිරීම අපි දැන් සමූපකාර අලෙවිසැල්වලින් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මම අපේ වයඹ පාරිභෝගික ජනතාවට මම කියන්න කැමැතියි ,  අපේ සමූපකාර අලෙවිසැල්වලට එන්න. පාරිභෝගික භාණ්ඩ අපෙන් මිලදී ගන්න . අනෙක් තැන්වලට අඩු මිල ගණන් යටතේ , විශාල මිල පරතරයක් සහිතව ඔබට භාණ්ඩ මිලදී ගන්න පු`ඵවන් කියලා විෂය භාර ඇමැතිවරයා විදිහිට මට ඉතාම වගකීමෙන් කියන්න පුඵවන්. යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article