Friday, March 29, 2024

”පුත්තලමේ වෙළඳපොළට දවසකට කිලෝ ලක්ෂයකට අධික සහල් ලැබෙනවා”

Must read

rice-blue-plastic-sacks-rice-blue-plastic-sacks-sold-market-thailand-103093636

දිනකට සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පුත්තලම දිස්ත්‍රික්කයේ වෙළද පළට අඛණ්ඩව නිකුත් කිරීම මේ වන විට සිදු වෙමින් පවතින බව පුත්තලම දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපාකාර සමිතියේ සභාපති කේ.ඒ.බී.අභයකීර්ති මහතා පැවසීය.

විශේෂයෙන්ම සමුපාකාර සමිති සහ තොග අලවි සැල් වලින් ලැබෙන ඉල්ලුම අනුව සහල් නිෂ්පාදනය කිරීම සිදු කරන බවත්,ඒ සදහා දිස්ත්‍රික්කය තුළ ඇති සුළු හා මධ්‍ය පරිමාන සහල් මෝල් 250 ක් පමණ යොදා ගෙන ඇති බවද සභාපතිවරයා සදහන් කළේය.මේ වන විට වෙළදපලේ විශාල ඉල්ලුමක් පවතින්නේ කිලෝ ග්‍රෑම් 05 සහ 10 මළු වලට වන නමුත් ඇසිරීම සදහා අවශ්‍ය කරන පොලිතින් මළු සපයා ගැනීම ගැටළුවක් වී ඇති බවද ඒ මහතා සදහන් කරයි.පසුගිය කාලයේ එකක් රුපියල් 11.90 ක් වැනි මිළකට ලබා ගත් පොලිතින් මළු මේ වන වන විට රුපියල් 15/- දක්වා ඉහළ දැමීමට ඇතැම් ව්‍යාපාරිකයින් කටයුතු කර ඇති බවද අභයකීර්ති මහතා සදහන් කරයි.

කෙසේ වෙතත් පසුගිය කාලයේ ගොවියා ළගටම ගොස් තම සමුපාකාර සමිතිය විසින් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 44 ක් වැනි මුදලකට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40 ක් පමණ මිළදී ගෙන ගබඩා කර ඇති බැවින් හිගයකින් තොරව ඉදිරියට සහල් සැපයීම සිදු කළ හැකි බවද කේ.ඒ.බී.අභයකීර්ති මහතා වැඩිදුරටත් සදහන් කළේය.


ජුඩ් සමන්ත

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article