Friday, April 19, 2024

කොමර්ෂල් බැංකුව ගමට එයි

Must read

download

⁣කොමර්ෂල් බැංකුව ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක  ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම  පහසුකිරීමට  සිය ජංගම ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ.

මෙම ජංගම සේවාව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ  කොමර්ෂල් වෙබ්  අඩවිය,  සහ මාධ්‍ය මඟින් ගනුදෙනු කරුවන්ට දැනුම් දෙන බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි.ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි

මේ සමගම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප‍්‍රදේශවල ගිනුම්හිමියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා කිහිපයක් විවෘතව තබා ඇත.

එසේම, කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය භාවිතා කිරීම සහ ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම් විවෘත කිරීම මේ වනවිට බැංකුව විසින් වඩාත් පහසුකර තිබේ. මේ අනුව, බැංකු ශාඛාවක් වෙත පැමිණ මෙම පහසුකම්වල ලියාපදංචිවීම වෙනුවට අන්තර්ජාලයෙන් මෙම පහසුකම්වල ලියාපදිංචි වීමට අවස්ථාව බැංකුව මේ වනවිට ලබාදී ඇත.

මෙහිදී, ගනුදෙනුකරුවන්ට බැංකුවේ වෙබ් අඩවියෙන් අන්තර්ජාල බැංකුකරණ අයදුම ඩවුන්ලෝඞ් කරගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පතේ පැති දෙකේම සේයාරූ සමග ලබාදී තිබෙන ඊ-මේල් ලිිපිනයට එවිය යුතුය. පසුව, බැංකුවේ කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවා දුරකතනයෙන් අමතා මෙම පහසුකම සක‍්‍රීය කරනු ඇත.

එසේම, බැංකුවේ සුවිශේෂී ඩිජිටල් බැංකුකරණ අයදුම වන ෆ්ලෑෂ්, ඇපල් ඇප් ස්ටෝර් වෙතින් හෝ ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ඩවුන්ලෝඞ් කරගත හැකිය. මෙහිදී, ස්වයං ලියාපදිංචිවීම බලගන්වා තිබෙන අතර ගනුදෙනුකරුවෙකුට කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ තමාම ලියාපදිංචිවීම මගින් විවිධ වූ මූල්‍ය ගනුදෙනු මෙමගින් සිදුකළ හැකිවේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article