Friday, March 29, 2024

යුද සැමරුම් වලට බාධා

Must read

Mullivaikkal_Remembrance_Day_2016_IMG_0423_26850661080
(10.48pm) යුද්ධය අවසන් වී  වසර 11ක් මැයි 18  වනදාට සපිරේ. උතුරු නැගෙනහිර දෙමළ ජනයා වසර 10 ක පටන් වාර්ෂිකව සිදුකරන යුද්ධයෙන් මරාදැමූ සිය ඥාතීන් සිහිකිරීම් මෙන්ම ගෞරව පුදකිරීම් මේ  වසරේ සිදුකළ නොහැකි බව හිටපු උතරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශයක් කර තිබේ.  පවතින කොරෝනා වසංගත තත්ත්වය ඊට බාධාවක්ව ඇති බවත් එබැවින් සියලු නිවෙස් වල ඒ වෙනුවෙන් පහනක් දල්වන ලෙසද ඔහු ඉල්ලා ඇත. යුද්ධයේ අවසන් ගැටුම් සිදුවූ මුලතිව් දිස්ත්‍රික්කයේ  මුල්ලිවයික්කාල් ප්‍රෙද්ශයේ  දී  මරාදැමූවන් සිහිකිරීම සදහා මෙවර සාමුහිකව රැස්වීමට නොහැකි වාතාවරණයක් ඇති බව ඔහු සදහන් කරයි. මුල්ලිවයික්කාල් ප්‍රෙද්ශයේදී  සිහිකිරිම් සදහා , පහනක් දැල්විම සදහා යන පුද්ගලයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් යම් ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ ඇති බවත් ඔහුගේ ප්‍රකාශයේදී  අවධාරණය කර ඇත.
කෙසේ වුවත්  අද  දෙමළ ජාතික  සන්ධානයේ නියෝජිත ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා  යාපනයේ චෙම්මනි  ප්‍රෙද්ශයේ ඇති  සමූහ මිනීවල  තිබෙන භුමියේ පහනක් දල්වමින් සැමරිමක් කිරිම සදහා එම ස්ථානයට ගොස් තිබුණි. නමුත් සුළු වේලාවකින් යාපනයේ පොලීසිය විසින් එම ස්ථානයට පැමිණ ඇති අතර එම කටයුත්ත සදහා බාධාකිරීමක් සිදුකර තිබේ. එම ස්ථානයේ තිබූ ස්මාරකය ගලවා දැමිමට පොලීසිය කටයුතු කර ඇති අතර මිනිත්තු 30ට වඩා සිහිකිරීම් සදහා පොලීසිය අවසර දී නොමැති බව  www. northceylon.com  විසින් වාර්තා කර ඇත.
අද  සිදුවූ සිදුවීම උතුරේදී සිදුකිරීමට නියමිත යුද සැමරුම්  කොවිඩ් 19 වසංගතය නමින් තහනම් කිරීමට  රජය ගත් පළමු පියවර විය හැක.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article