Thursday, April 25, 2024

කොන්ඩේ කැපීමට අවසර අරගෙන රැවුල කැපූ බාබර් සාප්පුව මුද්‍රා තැබේ

Must read

 

Whether you have an important business meeting or simply want to look amazing for a night out at the casinos, the expert stylists in our salon will transform you into your best self, with services such as hairstyling, makeup/tinting, waxing, and manicures & pedicures.

නීරෝධායන පනත උල්ලංඝනය කරමින් පවත්වා ගෙන ගිය බාබර් සාප්පුවක් මුද්‍රා තැබීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  ඊයේ (18) කටයුතු කර ඇත. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මුද්‍රා තබා ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරවිටාගාරය – වීරකැලේ වත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බාබර් සාප්පුවක්ය.

බාබර් සාප්පු විවෘත කිරීමට අවසර ලබා දුන්නත් එහි රැවුල කැපීමට අවසර ලබා නොදීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.ඒ අනුව කොන්දේසි මාලාවකට යටත්ව බාබර් සාප්පු පවත්වා ගෙන යාමට අවසර ලබා දීම පසුගියදා සිදු කරන ලදි.

මෙම බාබර් සාප්පුව පවත්වා ගෙන ගිය පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පවත්වන ලද උපදෙස් මාලාව ලබා ගැනීමට හෝ පැමිණ නොමැති අයෙකු බවට එහිදී හෙලිවී ඇත.ඔහුට එරෙහිව නීරෝධායන පනත අනුව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන දිනේෂ් චතුරංග අධිකාරී සහ චතුරංග මුණසිංහ යන නිලධාරීන් විසින් මෙම මුද්‍රා තැබීම සිදු කර ඇත.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article