Tuesday, April 23, 2024

හලාවත ආනන්දයේ සිසුවා පාසල වෙනුවෙන් කළ කලෝචිත නිර්මාණය

Must read

02

ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක්  කිරීමට විද්‍යා පන්තියේ ඉගෙණුම ලබන ඕලිත ඉදුවර සිසුවා විසින් නිර්මාණය කර තිබේ.

එම සිසුවා විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය ජල කරාමය තමන් ඉගෙණුම ලබන හලාවත ආනන්ද ජාතික පාසලේ ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිට ස්ථාපනය කිරීමටද ඔහු කටයුතු කර ඇත.

මේ දිනවල පවතින කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ පොදු ස්ථාන වල දෑත් පිරිසිදු කිරීම සදහලාවත ආනන්ද ජාතික පාසලේ 12 වන වසර හා ජල කරාම ස්ථාපනය කර ඇත.එසේ ස්ථාපනය කරන ලද ඇතැම් ජල කරාම පාදයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන ලෙසද නිර්මාණය කර තිබුණි.

මෙම තත්තවයට පිළිතුරක් ලෙස ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජල කරාමයක් නිෂ්පාදනය කිරීමට තමන්ට සිත් වූ බව ඕලිත ඉදුවර සිසුවා සදහන් කරයි.මෙම ජල කරාමය නිෂ්පාදනය කිරීම සදහා යොදා ගත් බොහෝ දෑ ඉවත ලන ඒවා වීමද විශේෂිත කරුණකි.”මෙම ජල කරාමය තව තවත් වැඩි දියුණු කරන්න පුළුවන්.මට ඒ සදහා හැකියාව තිබෙනවා.” යැයි ඉදුවර සිසුවා සදහන් කරයි.

තම පාසලට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල ස්ථාපනය කරන ලද නව ජල කරාමය දැක ගැනීම සදහා ආනන්ද ජාතික පාසලේ විදුහල්පති ධනංජය වික්‍රම මහතාද පැමිණ සිටියේය.

“අපේ පාසලේ දරුවෙක් මෙවැනි නිර්මාණයක් සිදු කිරීම මම ඉතා අගේ කොට සළකනවා.රජය විසින් ප්‍රකාශ කරන දිනයකදී පාසල ආරම්භ කිරීමට අපි සුදානම්.පාසලේ සෑම පන්ති කාමරයක් ඉදිරිපිටම ජල කරාමයක් ස්ථාපනය කිරීමට අප අදහස් කර තිබෙනවා.මෙම සිසුවා විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංක්‍රීය ජල කරාමය ඒ සදහා ඉතා සුදුසු බවට මා විශ්වාස කරනවා. ඉදිරියේදී පාසලේ ගුරුවරුන් සහ දෙමව්පියන් සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සුදානම් කරන්නයි බලාපොරොත්තුව.”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හලාවත ශාඛාවේ ලේකම් වෛද්‍ය සරත් ගමගේ මහතාද මෙම  අවස්ථාවට එක්ව සිටියේය.05(1)


ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article