Thursday, April 25, 2024

දිවුල්වැව හස්ථියාණෙනි, ඔබට සුභ ගමන් !

Must read

105458196_698428860737340_5200886534771793964_n
එක්තරා ප්‍රෙද්ශයක විහාරස්ථානයකට මහ දවල් පැමිණ අඹ ගස්වල අඹ කඩන් කන හොදින් වැඩුන ඇතෙකු පිළිඹඳ වීඩියෝ දර්ශනයක් ප්‍රසිද්ධ රෑපහිනී නාලිකාවක පුවත් විකාශයක් අතරතුර මීට මසකට පමණ පෙර අප දුටුවෙමු.ඒ නුඹ ගැන අපට අසන්නට ලැබුන පළමු තොරතුරයි.මීට කලින් කිසිදු වාර්ථාවක් නොමැති මෙම හස්තියා ගැවසෙන ප්රදේශයක් පිළිඹඳව විස්තර සොයාගැනීමට අප විසින් උත්සාහයන් කිහිපයක්ම දැරුවත් එය ව්යවර්ථ විය.ඉන් පසු නුඹ ගැන අපට ලැබුන ආරංචිය ඊයෙ ( ජූනි 28 ) දින අඹන්පොල දිවුල්වැව ප්රදේශයේදී වෙඩි වැදී මියගොස් සිටින පුවතයි.

නුඹ ගැන යම් කිසි තොරතුරක් අපට ලැබුනේනම් මොන කැලෑවක් තුල හෝ රින්ගා අප විසින් නුඹව සොයාගනු ලබනු නියතය.ඒ මන්ද අවි ආයුධ සහිත වනජීවී නිළධාරීන් පවා යාමට පසුබට වන කැලෑ තුල රිංගා දිවිපරදුවට තබා අලි වෙඩිල්ලක් හෝ නොමැතිව නුඹලා පිළිබඳව සොයාබැලීමේ උවමනාවක් අපට ඇති හෙයිනි.එසේ ගොස් තුවාල වූ අලි ඇතුන් සොයා එම තොරතුරු වනජීවියට ලබාදී ඔවුන්ට බෙහෙත් කරවා ඇති හෙයිනි.නුඹට සම්පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට අපට නොහැකි වුවත් යම් කිසිවෙකු නුඹ ගැන අවධානයෙන් පසුවෙන බව පෙනුනානම් නුඹට වෙඩි තැබූ පාපතරයින් එම අදහස ක්රියාත්මක කිරීමට පසුබට වන්නටත් සමහරවිට ඉඩ තිබුනි.106172729_698428954070664_1031387501352878352_n

අද සිදු කල මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ නුඹට වෙඩි වැදී ඇත්තේ මීට දින 4කට පමණ පෙරදී බවයි.තුවාලයේ සලකුණු අනුව එය T56 ගිනි අවියකින් කින් සිදුකල වෙඩි තැබීමක් බවට සැකයක් පවතී.ඉහලක සිට ( ගසක් උඩ සිට වියයුතුය) හිසටම තබා ඇති වෙඩි සලකුණු අනුව මෙම වෙඩි තැබීම නුඹව මරාදැමීම සඳහාම සිදුකර ඇති බව පැහැදිලිය.ඒ නුඹේ දල ලබාගැනීමටද එසේත් නැත්නම් නුඹ නිසා සිදුවූ බාධාවක් ඉවත්කරගැනීමටද යන්න කිවනොහැක.වෙඩි උන්ඩ හිස තුල දරාගෙන මොලය කුනුවී යන තෙක් දින කිහිපයක් නොවැටී සිටීමට තරම් ධෛර්යයක් නුඹට තිබී ඇත.එතරම් තුවාලයක් සහිතවත් ජිවිතය සොයා පැමිණි නුඹේ ගමන විදුලි වැටක් අද්දර අවසන් කරන්නට තරම් නුඹ අවාසනාවන්ත වී ඇත.විදුලි වැට හේතුවෙන් අවසාන දිය පොද බීමට යාමටවත් නුඹට නොහැකි වන්නට ඇත..?

ඉගිණිමිටිය වැව් ඉස්මත්තේ නුඹ පසුගිය දින වල ගැවසී ඇති බව නුඹේ මරණයෙන් පසුව අපට ආරංචි විය.නුඹ මියගිය ස්ථානයට ඉගිණිමිටිය අනවසර වගාබිම් වල සිට එතරම් දුරක් නොමැති බැවින් මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අනවසර වගාකරුවන් විසින් කරන ලද්දක් බවටත් සැකයක් මතුවී ඇත.දේශපාලන බලපුලුවන්කාරකම් සහිතව සංවිධානාත්මකව කටයුතු කරන පුද්ගලයින් විසින් මිසක හේනක් ගොව්තැනක් කරගෙන ජීවත්වෙන අහිංසක ගම් වැසියන් මෙවන් පාපකාරි ක්රියාවන් සිදුනොකරන අතර අලි ඇතුන් පැමිණ ඔවුන්ගේ වගාවන් පාලු කරත් අලි වෙඩිල්ලක් දමා පලවා හැරීම හැරුණුකොට වෙන යමක් බොහොමයක් ගම්වැසියන් සිදු නොකරයි. අලි වැට ගාව වැටී දඟලන නුඹට කෑමට කැකිරි ආදිය ගෙනවිත් දීමට තරම් එම ගම්වැසියන් කාරුණික වී ඇත.ඒ ඔවුනට හැකි දේ ය.

ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන වනජීවී දෙපාර්තමේන්තුවට මෙම වනසතුන් රැකගැනීමට ඇති උනන්දුව ගැනනම් කිසිසේත් සෑහීමකට පත්වීමට නොහැක.ඇතෙකු රැකගැනීම තබා වෙඩි වැදී මැරුණු ඇතාගේ වෙඩි උන්ඩ සොයාගැනීමටවත් ප්රමාණවත් පහසුකමක් වන්ජීවී දෙපාර්තමේන්තුව මෙම ඇතා වෙනුවෙන් සපයා නැත.කුණුවූ ශරීරය තුල පවතින කුඩා වෙඩි උන්ඩයක් සොයාගැනීමට ලෝහ සංවේදී ස්කෑනරයක් ලබාදීමටවත් මෙම දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත.වෙඩි උණ්ඩයවත් සොයාගන්නේ නැතිව මෙම මරණයට විරුද්ධව නඩුවක් පවත්වගෙන යන්නෙ කෙසේද?මෙසේ නීතියෙන් බේරෙන පාපතරයින් වැඩිකල් නොයා තව ඇතෙකු මරනු ඇත.

ඇතුන් පිළිබදව තොරතුරු කිසිවෙකු නොදන්නා තරමට ඔවුන්ව මරා දැමීමට පාපතරයින්ට පහසුවන බව මෙම මරණයෙනුත් පැහැදිලි වී තිබේ.ඇතෙකු පිළිබඳ විස්තර සමාජයෙන් වසන් කර තබා ගත්තත් කිසිවෙකුට හෝ නොපෙනී ඇතෙකුට ජීවත් වීමට තරම් විශාල වනාන්තර ලංකාවේ ඉතිරි වී නොමැති බැවින් පාපතරයින්ට එම ඇතෙකුව සොයාගැනීම අපහසු කරුණක් නොවේ.එම නිසා සිදුවිය යුත්තේ දැනට ඉතිරි වී ඇති ඇතුන් ටික පිළිබඳව හෝ සමාජය දැනුවත් කර ඔවුන් කෙරෙහි පවතින අවධානය වැඩි කරලීමයි.


සටහන – පැතුම් බන්ඩාර
ජයාරූප – ආර්.එම්.ජේ බන්ඩාර / ආසිරි රත්නායක

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article