Friday, April 19, 2024

මුන්දලමේදි මිය ගිය අයට තරුණයාට කොරෝනා නැහැ

Must read

murder-crime
උණ රෝගය වැළදිමෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමට පැමි්ණි අවස්ථාවේ දි මිය ගිය තරුණයා කොරෝනා වසන්ගතයට ගොදුරුව නොමැති බව ඔහු
සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂවෛද්‍ය පරික්ෂණ යකින් පසු ලද වාර්තාවකින් අනාවරණය වු බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ
කපිල මල්ලවාරච්චි මහතා පැවැසීය.මිය ගොස් ඇත්තේ මාරාවිල බටහිර වීරහේනෙ ප්‍රදේශයේ විසු එම්.නිරෝෂන් මධුවන්ත ( 23 ) නමැති
විවාහකයෙකි.
ඔහු මුන්දලම ප්‍රදේශයේශයේ වාසය කරණ සිය මවගේ සුව දුක් විමසීමට ගිය අවසථාවෙම් දි උණ රෝගයට ගොදුරු වි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
පිණිස ඊයේ ( 10 දා ) මුන්දලම රජයේ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දි ඔහුගේ තත්ත්වය බරපතල වුයෙන් රෝගියා හලාවත දිස්ත්‍රික් මහ
රෝහලට මාරු කළ අතර ඒ ගෙන යන අතර ඔහු මිය ගොස් තිබුණි. ඔහුට කොරෝනා රෝගය වැළදි ඇද්දැයි සැකයෙන් ඒ සම්බන්ධ පරික්ෂණ
වලට පියවර ගත් අතර එම වාර්තාව අද ( 11 දා ) දහවල් ලද බවත් ඒ අනුව රෝගියාට කොරෝනා රෝගය වැළදි නැති බවත් අනාවරණය වි ඇති බවත්
රෝහල් අධ්‍යක්ෂවරයා කිය.
පසුව මෙම මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් හා  මරණ පරික්ෂණයක් පවත්වා කොරෝනා නිති රීති යටත් සිරුර සම්බන්ධයෙන්
අවසන් කටයුතු හලාවත ආදාහනා/රයේ සිදු කිරිමට පියවර ගත් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කිය.


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article