Thursday, March 28, 2024

“වල් අලි නිසා පාඩුවිඳින අපට ජනපතිගෙනුත් විසඳුමක් නෑ” මහකුඹුක්කඩවල ජනතාව කියයි

Must read

13

තම ගම්මාන වලට නිරන්තර කඩා වදින වන අලි රංචුවක් නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ජනතාව කියා සිටී.
වසර කීපයක සිට කඩා වදින 80 කට වැඩි මෙම වන අලි රංචුවට ඇතුන් දෙදෙනෙකුද අයත් වන බව ඔවුන් කියා සිටී.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්කුලිය,මොහොරිය, මීගහකැලේ,ගල්රෑන ඇතුළු ගම්මාන රැසක් මෙම වන අලි උවදුරට මුහුණ පා සිටිති.
මේ දිනවල අස්වැන්න නෙලීමට ආසන්න තත්ත්වයේ පසුවන කුඹුරු යායවල් රැසක්ම ගම් වදින වන අලින් විසින් විනාශයට පත් කර ඇති ආකාරයක් දක්නට ඇත.ඊට අමතරව පොල්,ඉඩ ඉරිගු වගාවන් ඇතුළු ස්ථීර සහ කෙටි කාලීන වගාවන් රැසකට වන අලින් හානි කර ඇති බව ප්‍රදේශවාසීන් කියා සිටී.
ගම් වැදී ඇති මෙම වන අලි රංචුව විසින් මහකුඹුක්කඩවල ප්‍රදේශයේ මිනිස් ජීවිත 04 ක් මේ වන විට බිලි ගෙන ඇත.වන අලි මෙහෙයුමක් සදහා යෙදී සිටි වන ජීවී නිලධාරියෙකුද ඒ අතර වේ.පවතින තත්ත්වය නිසා රාත්‍රී කාලයේ මෙන්ම අළුයම ගමන් බිමන් යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත්, ඇතැම් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවා මෙම තත්ත්වය නිසා ඇණ හිට ඇති බවද ඔවුන් කියා සිටී.
එමෙන්ම ගමට විදුලිය ලබා දීම සදහා ස්ථාපනය කර ඇති විදුලි කණුද වන අලින් විසින් පෙරලා දමා ඇති බව අපට හමුවූ ගම්වාසීන් කියා සිටියේය.
මේ වන විට කුඹුරු ඇතුළු සෙසු වගාවන් පාළු කරන මෙම වන අලි රංචුව අස්වැන්න නෙලා අවසන් වීමෙන් අනතුරුව ආහාර සොයා නිවෙස් වලට හානි සිදු කිරීමට ඉඩ ඇති බවද ඔවුන් කියා සිටී.එසේ වුවහොත් ඉදිරියේදී තවත් මිනිස් ජීවිත වන අලින් විසින් බිලි ගැනීමට ඉඩ ඇති බවද පීඩාවට පත්ව සිටින පිරිස් කියා සිටී.
ගම් වැදී සිටින වන අලින් පලවා හැරීමේ මෙහෙයුමක් පසුගිය කාලයේ ආරම්භ වූ නමුත් ජනාධිපතිවරනය සහ කොරෝනා උවදුර නිසා එම ක්‍රියාන්විතය අතර මග නරත වූ බවද මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ජනතාව කියා සිටී.මෙම තත්ත්වය නිසා ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් රාත්‍රී කාලයේ තමන්ට වගාවන් රැක ගැනීමට සිදුවී ඇති බවද එම ප්‍රදේශයේ ජනතාව කියා සිටී.

22
ගම් වැදී සිටින වන අලින් පලවා හැරීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් වන ජීවී නිලධාරීන් විසින් සකස් නොකිරීම මෙම තත්ත්වයට හේතුව බවද මහකුඹුක්කඩවල අවට පදිංචිකරුවෝ කියා සිටී.මුලින්ම වන අලින් දෙතුන් දෙදෙනෙකු පමණක් ගම ගම්මාන වලට කඩා වැදුනත්,මේ වන විට එම ප්‍රමාණය වැඩි වී ඇති බවද අපට හමුවූ ගම්වැසියන් කියා සිටියේය.
තමන් මුහුණ පා සිටින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැණුවත් කිරීමට කටයුතු කළ නමුත් මේ වන තුරු සාර්ථක ප්‍රතිඵලයක් හිමිවී නොමැති බවද එම පිරිස් සදහන් කරයි.ගම් වැදී සිටින වන අලි රංචුව තබ්බෝව අභය භූමියට පලවා හැරීම කඩිනම් නොකළහොත් තමන්ට ගම්බිම් අතහැර දමා යාමට සිදු වන බවද මහකුඹුක්කඩවල අවට ගම්වාසීන් කියා සිටී.

11 24

ජුඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article