Thursday, March 28, 2024

තලවිල වාර්ෂික මංගල්‍යය සීමා මැද පැවැත්වීමට තීරණයක්

Must read

IMG_8592IMG_8665

හලාවත මොය හරහා ඈත දියඹේ මසුන් මැරීමට යන ධීවර කාර්මිකයින්ට කිසිදු අපල උපද්‍රවයකින් තොරව සිට රස්සාව කර ගෙන යමින් සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගැනීම පිණිස දේවාශීර්වාදය ලබා දෙමින් මහ මුහුදු කාර්මෙල් දේවමාතාව මගින් ආසිරි ගැන්වීම හලාවත මීසම පාලනාධිපති ඩිලාන් මේරියස් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් හලාවත මෝය අසල දි පැවැති විශේෂ මෙහෙයක දි සිදු විය.කාර්මෙල් ප්‍රතිමාව රැගත් බෝට්ටු පෙරෙහැරින් හලාවත ජැටිය අසලින් ගමන් ආරම්භ කර මෝය වෙත පැමිණි පසු මෙම ආසිරි ගැන්වීම ප්‍රදීප් සේවියර් සහයක පියතුමා අතින් සිදු විය. මෙම අවස්ථාවට ප්‍රදේශයේ කිතුණු ධීවරයින් පවුල් පිටින් සහභාගිවි සිටියහ. මේ එම බෝට්ටු පෙරහැර හා ආසිරි ගැන්වීමයි.
තලවිල සාන්ත ආනා සිද්ධස්ථානයේ වාර්සික මහ මංගල්‍යය අගොස්තු මස 2 වන දින සෞඛ්‍ය නිති රීති අනුගමනය කරමින් ඉතාමත්ම චාම් අයුරින් පැවැත්වීමට සිද්ධස්ථානයේ පාලක ලයිලි ප්‍රනාන්දු පියතුමා ප්‍රමුඛ සිද්ධස්ථාන පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.
අන් වර්ෂවල ලක්ෂ ගණනක බැතිමතුන් මෙම මංගල්‍යයට සහභාගිවීම පිණිස දින ගණනාවක සිට මෙම කදවුරේ ලැගුම් ගෙන දේවාශීර්වාදය ලබාගන්නා අතර වත්මන් කොරෝනා වසංගත තත්ත්වය අනුව මෙවර එවන් බැගිමතුන් පිරිසකට මෙයට එක්වීමට ඉඩ නොලැබෙනු ඇත.උපරිම වශයෙන් 1500 ක් 2000 ත් අතර බැතිමතුන් පිරිසකට මෙවර මංගල්‍යයට එක්වීමට ඉඩ ලබා දිමට පියවර ගෙන ඇත. එහෙත් කිසිදු බැතිමතෙකුට කලින් පැමිණ පුද බිම තුළ රැදි සිටීයිමට අවසර නොදීමට ද තිරණය කර ඇත.
මෙහි එන බැතිමතුන් සදහා ආහාර පාන අලෙවි කරණ කිසිදු වෙළද සැලක් මෙවර පුදබිම තුළ ඉදි කිරිමට අවසර නොදෙන බවත් කියයි. පැමිණෙන සියලු බැතිමතුන් සිය ශරීර උෂ්ණත්වය පරික්ෂා කර ගත යුතු වන අතර ඒ සදහා අවශ්‍යය පහසුකම් ලබා දෙනු ඇත.
මංගල්‍ය දිව්‍ය පුජාව පවත්වන දිනට සත් දිකට කලින් සම්ප්‍රදාණුකුලව කොඩි ගස එසවිම චාරිත්‍රාණුකුලව කරණු ලබන නමුත් මෙවර එසේ කොඩි ගස ඔසවන්නේ නැති බවත් කියයි.
එහෙත් ජුලි මස 26 ත් අගොස්තු මස 1 දිනත් අතර කාලයේ දි විශේෂ දිව්‍ය පුජා මෙහෙයන් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් කියයි.
අගොස්තු මස 2 වන ඉරුදින පෙරවරු 7 ට දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හලාවත රදගුරු හිමිපාණන් සහ ජස්ටින් ඥාණප්‍රකාසම් යාපනය රදගුරු හිමිපාණන් වරුන්ගේ ප්‍රධානත්වයෙන් මංගල්‍යය මහා දිව්‍ය පුජා මෙහෙය සිදු කිරිමට නියමිතව ඇත.


 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article