Thursday, April 25, 2024

ආනවිලුන්දාවේ වැව් 05 කට ජලය රැස්කිරිමට ගොවි සංවිධාන, සෙංගල්ඔයේ අමුණේ ජලය හරස් කරයි

Must read

08(2)

දැදුරුඔය හරහා ඉදි කර ඇති සෙංගල්ඔය අමුණ මත වැලි කොට්ට අතුරා ජලය හරස් කර එම ජලය තම වැව් පද්ධතිය කරා රැගෙන යාමේ දැඩි උත්සාහයක ආනවිළුවන්දාව ඇතුළු ගොවි සංවිධාන කීපයක නියෝජිතයින් කටයුතු කරන ලදි. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අවසරය මත සෙංගල්ඔය අමුණ මත වැලි කොට්ට ඇතිරීම සිදු කිරීමට පසුගිය 15 වැනිදා ගොවීන් කටයුතු කරන ලදි.

ආනවිළුන්දාව ඇතුළු වැව් 05 ක් පෝෂණය කරන ලද්දේ රතඹලාඔය හරස් කිරීමෙනි.නමුත් රතඹලාඔයෙන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවන බැවින් දැදුරුඔය හරස් කර අමුණක් බැද එම ස්ථානයේ එකතු වන ජලය සෙංගල්ඔය නම් වූ ඇල මාර්ගයක් දිගේ ආනවිළුන්දාව ඇතුළු වැව් 07 කට ජලය රැගෙන යාම සැළසුම වී තිබුණි.ඒ තුළින් එම වැව් පද්ධතියේ ඇති කුඹුරු අක්කර 2027 ක් සහ ඇල දෑලේ ඇති කුඹුරු අක්කර 4000 ක් වගා කිරීම ව්‍යාපෘතියේ අරමුණ විය. නමුත් ඒ සියළු අවස්ථාවන් අසාර්ථක විය.වැසි ඇති වී දැදුරුඔය පිටාර ගලා ගිය යන සෑම අවස්ථාවකදීම අතර මග නතර වන සෙංගල්ඔය අමුණ කැඩී ගියේය.

නමුත් පසුගිය රජය සමගේ සෙංගල්ඔය අමුණ ඉදිකිරීම නැවත ආරම්භ කරන ලදි.අමුනේ වැඩ කටයුතු බොහෝමයක් අවසන් වී ඇතත් වැඩි ජලය පිට කරන ජල දොරටු මෙතෙක් සවි කර නොමැති නිසා ගලා එන ජලය රැදී නොසිටියේය. මෙම තත්ත්වය නිසා සෙංගල්ඔය ඇල මාර්ගය ඔස්සේ  ආනවිළුන්දාව ඇතුළු වැව් පද්ධතියට ජලය ගලා ඒමක් සිදු නොවීය.

මෙම හේතුවෙන් ආනවිළුන්දාව,සුරුවිල,මයියාව,පිංකට්ටිය, වෙල්ලවල, මරදන්සෝල සහ අන්නදන්කට්ටුව යන වැව් යටතේ වගා කර ඇති කුඹුරු පුරන් වීමේ අවදානමක් ඇති වූ බව ගොවි සංවිධාන නියෝජිතයින් සදහන් කරයි.

පවතින තත්ත්වයට පිළියම් සොයා ගිය ගොවි සංවිධාන නියෝජිතයින් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අවසරය සහ අනුග්‍රහය ඇතිව සෙංගල්ඔය අමුණ මත සහ විවෘතව ඇති ජල දොරටු හරස් කර වැලි කොට්ට යෙදීම සිදු කරන ලදි. මෙම කටයුත්ත සදහා ගොවි සංවිධාන නියෝජිතයින් මෙන්ම වාරි මාර්ග නිලධාරීන්ද එක්ව සිටියේය.

වැලි කොට්ට යෙදීමෙන් අමුණ තුළ එකතු වන ජලය සෙංගල්ඔය  ඇල මාර්ගය ඔස්සේ වැව් පද්ධතිය කරා රැගෙන යාම ගොවින්ගේ අරමුණ වී ඇති බව ආනවිළුන්දාව එක්සත් ගොවි සංවිධානයේ සභාපති සුනිල් ධර්මරත්න මහතා සදහන් කළේය.එමෙන්ම අමුණ මතින් ගලා එය දැදුරුඔයේ සම්පූර්ණ ජලය හරස් කිරීමක් මේ තුලින් සිදු නොවන බවත්,පහල කොටසේ වගා කටයුතු කරන ගොවීන්ට අවශ්‍ය ජලය සම්පාදනය කර ගැනීමට ඒ තුළින් කිසිදු අපහසුවක් නොවන බවද ආනවිළුන්දාව එක්සත් ගොවි සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම තත්ත්වය ඇති වන්නේ යල කන්නයේ අස්වැන්න නෙලීමට ආසන්න අවස්ථාවේදී වන බැවින් වර්තමානයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ඉදිරි කන්න වලදී හෝ අපහසුවකින් තොරව තම වැව් පද්ධතියට ජලය ලබා ගැනීමට හැකි ක්‍රම වේදයක් සකස් කිරීමට නිලධාරීන් මෙන්ම දේශපාලකයින් කටයුතු කළ යුතු බවද ආනවිළුන්දාව එක්සත් ගොවි සංවිධානයේ සභාපති සුනිල් ධර්මරත්න මහතා සදහන් කළේය.33(1) 23 21(1) 20(1) 18(1)


 

ජුඩ් සමන්ත.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article