Friday, April 19, 2024

වයඹ උපාධිධරයෝ යළි මහ පාරට

Must read

තම සුදුසුකම්වලට අනුව පළාත් සභාව තුළ ඇති පුරප්පාඩු සදහා බදවාගන්නා ලෙස බලකරමින් වයඹ පළාතේ රැකියා විරහිත උපාධිධාරීහු පිරිසක් අද (18 දා ) වයඹ පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක යෙදුණාහ.

වයඹ පළාතේ විවිධ ප‍්‍රදේශ නියෝජනය කරමින් පැමිණ සිටි  රැකියා විරහිත උපාධිධාරීහු දහසකට අධික පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ. උද්ඝෝෂකයින් පිරිස කුරුණෑගල මහනගර සභාව අසල සිට පළාත් සභා සංකීර්ණය දක්වා විරෝධතා පාගමනකින් පැමිණ එහි ප‍්‍රධාන දොරටුව ඉදිරිපිටදී උද්ඝෝෂණය ආරම්භ කළහ. තමන්ට වයඹ ප‍්‍රධාන අමාත්‍වරයා හෝ වගකිවයුතු නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසට උද්ඝෝෂකයින් විසින් ඉල්ලා සිටි අතර එහිදී පොලිසියේ මැදිහත්වීමෙන් වයඹ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකුට පළාත් සභාව තුළට පිවිසෙන්නට අවස්ථාව ලැබිණි. වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු මුණගැසීමෙන් අනතුරුව පළාත් සභාවෙන් පිටතට පැමිණි වයඹ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති සංජය මංචනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

අපිට මුණගැහුණු ලේකම්වරයා කියන්නේ වයඹ පළාතේ තියෙන පුරප්පාඩුවලට උපාධිධාරීන් බදවාගන්න අනුමැතිය අරන් තිබුනත් ඒකට ඕනෑ කරන සල්ලි මුදල් අමාත්‍යංශයෙන් පළාත් සභාවට දෙන්නේ නෑ කියලයි. ඒ නිසා දැනට පළාත් සභාවට උපාධිධාරීන් බදවාගන්න ක‍්‍රමයක් නෑ කියලා තමයි ඒ ලේකම්තුමා කියන්නේ. අපි මේ ගැන රජයෙන් ඇහැව්වාමත් කියන්නේ දින සියයේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන්ට රැකියා දෙන්න වැඩපිළිවෙලක් නෑ. එහෙම වැඩපිළිවෙලක් හැදෙන්නේ ඡන්දයකින් පස්සේ අලූත් ආණ්ඩුවක් ආවාට පස්සේ කියලයි . ඒ නිසා මේ දෙගොල්ලන්ටම දෙපැත්තට ඇගිල්ල දික්කර කර ඉන්නවා මිසක් උපාධිධාරීන්ට රැකියා ලබාදෙන්න අවංක උමවනාවක් නැති බවක් තමයි පේන්න තියෙන්නේ. යැයි පැවසීය.

අනතුරුව යළිත් වරක් කුරුණෑගල නගරය වටා විරෝධතා පා ගමනක යෙදුණු රැකියා විරහිත උපාධිධාරීහු සාමකාමීව විසිරී ගියහ. SAM_5799 SAM_5787 SAM_5832 SAM_5802 SAM_5803

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article