Thursday, April 25, 2024

දුටු නුදුටු ලස්සන මාලු – නාත්තන්ඩියෙන් බලමුද යාලු ?

Must read

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යවසායකින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් සංවිධානය කරනු ලැබූ AQUA LIFE 2015 මත්ස්‍ය ප්‍රදර්ශණය අද (22 දා) පෙරවරුවේ නාත්තන්ඩිය නගර ශාලාවේදී ආරම්භ විය.

වයඹ පළාත් ධීවර, කෘෂිකර්ම, ඉඩම් ,වාරිමාර්ග ,සත්ව නිෂ්පාදන සහ ගොවිජන සංවර්ධන ආමාත්‍යංශයේ අනුග්‍රහයෙන් ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම ප්‍රදර්ශණයේදී දේශීය හා විදේශීය විසිතුරු මත්ස්‍යයින් රැසක් මෙන්ම ගැඹුරු මුහුදේදී පමණක් දැකගත හැකි දුර්ලභ මත්ස්‍යයින් ගණනාවක්ද සියැසින් දැකබලා ගැනීමේ මහගු අවස්ථාවක් මහජනතාව වෙත උදාකර දී තිබේ.

ස්වයං රැකියාවක් ලෙස විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින අයට ඒ සදහා අවශ්‍ය උපදෙස් මෙන්ම මෙම කර්මාන්තයේ දැනට යෙදී සිටින ව්‍යවසායකයින්ගේ අත්දැකීම් බෙදාහදාගැනීමේ අවස්ථාවද මෙම මෙම ප්‍රදර්ශණය නැරඹීමට පැමිණීමෙන් උදා කරගත හැකි බව පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජශාක ව්‍යවසායකයින්ගේ ග්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති විරාජ් නිරෝෂන් පුනාන්දු මහතා පැවසීය.

මෙම ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාත්ත පෙරේරා , වයඹ පළාත් ධීවර හා කෘෂිකර්ම අමාත්‍ය සුමල් තිසේරා ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගි වී සිටියහ.

මෙම ප්‍රදර්ශණය ලබන 25 වැනිදා දක්වා නාත්තන්ඩිය නගර ශාලාවේදී පැවැත්වෙයි.

සටහන සහ ඡායාරූප
පුත්තලම නලින් හෙන්දුරුගොඩ

malu 1 malu 3 malu 8 malu 7 malu 5 malu 4 malu 10 malu 11 malu 12 malu 13 malu 6 malu 9 malu 2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article