Thursday, April 18, 2024

මෝටර් රථ ක්‍රීඩාවේදී ජයපිට ජයලබා නාරම්මල නාමය වර්ණවත් කල නිවුන් සොහොයුරෝ

Must read

narammalaවයඔ පලාතේ කුරුණෑගල නගරයේ සිට මීගමුව පාරේ කිලෝ මීටර් 10 කට ආසන්න දුරක් ගෙවා දමන කෙනෙකුට නාරම්මල නගරයට ප්‍රවිෂ්ඨ විය හැකිය. නාරම්මල යන නාමය මෝටර් රථ ක්‍රීඩාවේදී කියවෙන නමක් ලෙස ඉහලින් ඔසවා තැබීමට සමත් වූ තවත් තරුණයින් දෙදෙනෙකු පිලිබද අපගේ අවධානය යොමුවුනා, ඒ කපිල නිෂාන්ත සහ කමල් ප්‍රසන්න යන නිවුන් සොහොයුරන් පිලිබදවයි. මෝටර් රථ සහ යතුරු පැදි ක්‍රීඩාවේ ජය පිට ජය අත්කර ගත් ක්‍රීඩකයින් ලෙස නමක් රුන්දූ කමල් සහ කපිල යන සොහොයුරන් තාමත් ඉතා උද්යෝගයෙන් ක්‍රීඩාවේ නිරතව සිටින්නන් ලෙස ප්‍රකටව සිටී. ලංකාවේ එකට එක්ව තාමත් මෝටර් රථ ක්‍රීඩාවේ නියෙලෙන එකම නිවුන් සොහොයුරන් වන්නේද කමල් සහ කපිල යන දෙදෙනාය. නාරම්මල නගරය කේන්ද්‍ර කරගත් මෝටර් ස්පෝට් සංස්කෘතියක් ගොඩනැංවූ මොවුන් දෙදෙනා නාරම්මලට මෝටර් රථ ක්‍රීඩාවේ බොහෝ දේ රැගෙන ඒමට ඉහලින්ම සම්මාදම් විය. නාරම්මල කියූ සැනින් මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙන බොහෝ දෙනාට මතකයට එන්නේ කමල් සහ කපිලය, මොවුන් දෙදෙනා එක්ව කල ජයග්‍රහණ පිලිබද සොයා බැලීමට ගිය ගමනේ සංෂිප්ත සටහනකි මේ.

19-IMG_2156

ශ්‍රී ලංකාව තුලද මෝටර් රථ සහ යතුරු පැදි ක්‍රීඩාවේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ඊට ප්‍රධානතම හේතුව ලෙස අපට දැකිය හැකි වන්නේ සංනිවේදන තාක්ෂණයේ සහ මාධ්‍ය ක්‍රියාවලීන්හි වර්ධනයයි. ලෝකයේ මොටර් රථ ක්‍රීඩා දැවැන්ත ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින් තිඛෙන ක්‍රීඩාවන් අතර තිබේ. ලංකාවේද මෝටර් රථ සහ මෝටර් සයිකල් රේස් ඉතාම ඉහල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇත.

කපිල සහ කමල් මෝටර් රථ ක්‍රීඩාවට යොමු වන්නේ 90 දශකයෙන් බව ඔවුන් පවසා සිටිය.1993 වර්ෂයේදී ඔවුන් තමන්ගේ පුහුණු වීම් අරඹා තිඛෙනවා, ඔවුන් මේ ක්‍රීඩාවට යොමු වීමට උත්තේජනය වන කාරනා බොහොමයක් අතර ආසන්න පන්නල නගරයේ පවතින මෝටර් රථ ධාවන පථයත් එක් හේතුවක්, කමල් සහ ප්‍රසන්න දෙන්නම කියන කාරනාවක් තමයි පන්නල ධාවන පථය ගොඩ නගන්න කටයුතු කල උපාලි දසනායක මහතා තමන්ට සහ තවත් අයට බොහොමත්ම උදව් කල බව. ඔවුන් ඒ පිලිබද සිහිකරන්නේ බොහොමත්ම ගෞරවයෙන්,

අපි මේ කාරනා පිලිබද දොඩමලූ වෙමින් ඉන්න අතරේ මේ විදිහේ ප්‍රශ්ණයක් යොමු කලා. අපි ප්‍රශ්ණය ඇසුවේ කපිල ගෙන්,

05-DSCN0122
කපිල අපිට කියන්න කොහොමද මේ මෝටර් රථ ක්‍රීඩාවේ ආරම්භය සිදුවුනේ කියල අපි කපිලට යොමු කල පලමු ප්‍රශ්ණය ඒක.

මමයි කමලුයි දෙන්නා නිවුන් සොහොයුරන්, අපේ පවුලේ තාත්තා මිය ගිහින්, අම්මත් නංගිත් සමග පිරිමි අපි තුන් දෙනයි, මම කපිල නිෂාන්ත, කමල් ප්‍රසන්න මගේ නිවුන් සහෝදරය, අපි දෙන්නගෙම අයිය මහේන්ද්‍ර ජයසුන්දර, මුලින්ම තරග සදහා සහභාගි වෙන්න පුලූවන් උනේ මෝටර් සයිකල් ක්‍රීඩාවෙන් 1993 වසරේදී අපි මෝටර් සයිකල් තරග වලට පුහුණු වුනා. පාසල් කාලයෙන් පස්සේ තමයි ක්‍රීඩාවට යොමු වුනේ. පන්නල මෝටර් රථ ක්‍රීඩාව සදහා ධාවන පථයක් ගොඩ නංවා තිබුන ඒ ධාවන පථය අපට ගොඩක් උපකාරී උනා මේ ක්‍රීඩාවට යොමු වන්න.

ඒ කියන්නේ ඔබ සහ කමල් යන දෙදෙනාම පාසල් කාලයෙන් අනතුරුව තමා මේ ක්‍රීඩාවට යොමු වුනේ, පාසල් කාලයේදී වෙනත් ක්‍රීඩා කලාද?

මම පාසල් ගියේ නාරම්මල මයුරපාද විද්‍යාලයට සහ කෑගල්ල සෙන් මේරිස් විද්‍යාලයට. කමල් ගියේ නාරම්මල මයුරපාද විද්‍යාලයට, අපි පාසල් කාලයේ විශේෂයෙන් වෙනත් ක්‍රීඩා වලට යොමු උනේ නැහැ. නමුත් පාසල් කාලයෙන් අනතුරුව තමා මෝටර් රථ ක්‍රීඩාවට යොමු උනේ සහ දක්ෂතා දක්වන්න පුලූවන් උනේ.

පලමු රේස් වල මතකය අවධිකලොත් කොහොමද, කොයි රේස් එකෙන්ද පලමු වරට ක්‍රීඩාවට අවතීරණ වුනේ?

මම කලින් කීව අපි 1993 වසරේ පුහුණු වීම් ආරම්භ කලා කියල, අපි දෙන්නම එකට රේස් වලට යොමු වුනත් කපිල තමා මුලින්ම රේස් පැද්දේ. 1993 වසරේදී පන්නල ට්‍රැක් එකේ තිබුණු තරගයට කපිල ඉදිරිපත් උනා, මේ තරගය අතරතුරදි කපිල ඇක්සිඩන්ට් උනා, අත කැඩුනා, මුහුණට තුවාල උනා හකු ඇටය බිදුනා, මේ නිසා කපිලට අවුරුදු එක හමාරකට වඩා රේස් වලට යන්න උනේ නැහැ.

එතකොට ඔබ කොහොමද රේස් වලට යොමු වුනේ, මොන රේස් එකද පලමු රේස් එක විදිහට කලේ?

මම 1995 වසරේදී පලමු රේස් එකට පැද්ද, ඒ පන්නල ධාවන පථයේ පැවති මෝටර් ක්‍රොස් තරග වලට, මුලින්ම යොමු වුනේ මෝටර් සයිකල් වලටනේ, මේ තරගයේදී අංශ දෙකක් මම ජයග්‍රහණය කලා, මෝටර් 1 සහ මෝටර් 2 කියන අංශ දෙකෙන්ම මම පලමුවැනිය වුනා. 125 යතුරුපැදියක් තමා තරගයට පැද්දේ. ඉන් පසුව මම 200 කාණ්ඩයේ මෝටර් සයිකල් පදින්න පටන් ගත්තා. වසර 2000 ඉදල 2005 වෙනකම් මම බොහොමයක් තරග ජයග්‍රහණය කලා.

gajaba2014-11
මට කියන්න ඔබ ඒ පැදපු තරග වල ජයග්‍රහණ ලබා ගත් ආකාරය, මොන වර්ගයේ යතුරු පැදිද ඒ සදහා භාවිතා කලේ?

මම ඔබට කීව මම 200 කාණ්ඩයේ යතුරුපැදි වලට මාරු වුනා කියල කලින්ම. පන්නල WR 200 ස්ට්‍රීට් ට්‍රේල් පැද්ද. ඒ තරඟයෙන් මම පළමුවැනිය වුනා. ඉන් අනතුරුව නුවරඑළිය WR 200 ස්ට්‍රීට් ට්‍රේල් පළවෙනිය, කොට්ටාව හයිලෙවල් මෝටර්ක්‍රොස් 1, බෝයගනේ විජයබා මෝටක්‍රොස් 1, අනුරාධපුරය ගජබා මෝටක්‍රොස් 1, මින්නේරිය ගනර්ස් සුපර්ක්‍රොස් 1, ඇඹිලිපිටිය සුපර්ක්‍රොස් 1, දියතලාව ෆොක්ස් හිල් 1, කළුතර මතුගම රෙක්ස් හිල් 1, මේ තරඟය රේසිං 250 සයිකල් කාණ්ඩයෙන් දෙවන ස්ථානය සහ ස්ටෑන්ඩඩ් 250 කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය.

මේ තරග වලින් අනතුරුව මොනවද වෙනත් ජයග්‍රහණ?

2005 තිස්සමහාරාම තරගයෙන් ස්ටීට් 250 තරගයෙන් ප්‍රථම ස්ථානය, 2005 වෙනකම් ස්ටීට් 250 කාණ්ඩයෙන් චැම්පියන් වුනා. ඉන් අනතුරුව 2008 වසරේ ෆොක්ස් හිල් තරගාවලියේ ස්ටීට් 250 කාණ්ඩයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන යතුරු පැදි පදින එක නැවැත්තුව. ඉන් අනතුරුව කාර් වලට මාරු වුනා.

ඔබ කීව කපිල මුල්ම තරගය අතරතුර අනතුරකට ලක් වුනා කියල ඊට පස්සේ ඔහු මොකද කලේ?

එයා කාර් වලට මාරු වුනා, 2000 වසරේ සිට කාර් රේස් වලට සම්බන්ධ වුනා. පන්නල පැවති රෝඩ්රේස් එක තමයි මුල්ම තරගය වුනේ. ඒ තරගයේ ප්ලේස් තිබුනේ නැහැ ඔහුට, සී.ආර්.එස්. හොන්ඩා කාන්ඩයේ තුන් වෙනිය වුනා. මේ විදිහට 2005 වෙනකම් කාර් රේස් වලට සම්බන්ධ වුනා. ඊට පස්සේ සුපර් කාර් වලට මාරු වුනා.පලමු රේස් එක අනුරාධපුරයේ ගජබා තරගාවලිය, එහිදී ග්රූප් එන් කාන්ඩයේ එස්. එල්. ජී. ටී. තරග වලින්  පලමුවැනියා වුනා.මිට්ෂුබිෂි එවලුෂන් ෆෝ කාර් වලින් සම්බන්ධ වුනු සෑම තරගයෙකදිම 4 වෙනිය හෝ 5 වෙනිය වුනා. කුරුණෑගල පැවති රොඩ්රේස් තරගයෙන් එස්. එල්. ජී. ටී. සුපර් කාර් ඉවෙන්ට් එකෙන් පලමුවැනියා වුනා. 2011 වෙනකම් වගේ දෙවන සහ තුන්වන ස්ථාන වල රුදෙන්නට ඔහුට පුලූවන් වුනා. පසුව 2011 වසරේ මින්නේරිය ගනර්ස් සුපර් ක්‍රොස් තරගාවලියේ 2 වන ස්ථානය ලබා ගත්ත. නැවත 2011 ගජබා සුපර් ක්‍රොස් අනුරාධපුරයේ තෙවන ස්ථානයත්, 2011 වසරේම කටුකුරුන්දේ පැවති තරග දෙකකම දෙවන ස්ථාන ලබා ගැනීමට සමත් වුනා. 2012 පාන්ගොල්ල තරගාවලියේදී තුන්වන ස්ථානයත් ලබාගෙන 2013 වන තෙක් දෙවන සහ පස් වන ස්ථාන අතර රුදී සිටිය. ඊට පසු කොළම්බු නයිට් රේස් තරග 2 ක හත් වෙනිය සහ නව වෙනිය වුනා, 2013 අනුරාධ පුරයේ ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ 5 වෙනි ස්ථානයට පත් වුනා 2013 වසරේ තිස්සමහාරාම තරගයේ 5 වෙනි ස්ථානය ලැබුව. ඉන් අනතුරුව ඔහු ජපානයේ ගියා. මේ වසරේ පසුගියදා පැවති කටුකුරුන්ද තරගාවලියට සහභාගි වුනා.

kk5
හරි ඒ කතන්දරය කපිල පිලිබදවනේ, කමල් කොහොමද කාර් රේස් වලට සම්බන්ධ වුනේ?

මම කාර් පදින්න පටන් ගත්තේත් යතුරු පැදි තරග වලට සහභාගි වීම නැවැත්තුවට පස්සේ. එස්. එල්. එන්. නිසාන් මාච් 1000 සීසී වර්ගයේ කාර් එකකින් තමයි පලමු වරට කාර් රේස් වලට සම්බන්ධ වුනේ. මේ තරගයේදී තුන්වෙනි ස්ථානය ලබා ගැනීමට හැකි වුනා. 2011 කොළම්බු නයිට් රේස් තරගයේදී මිට්ෂුබිෂි එවලුෂන් 5 වර්ගයේ කාර් එකකින් 9 වෙනි ස්ථානයට පත් වුනා.2012 ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේ එස්. එල්. ජී. ටී. කාර් තරගයෙන් 4 වෙනි ස්ථානය ලැබුවා. 2012 ට පසුව තරග වල ජයග්‍රහණ නැහැ. නැවත 2014 ගජබා සුපර් ක්‍රොස් තරගාවලියේදී එවලුෂන් 4 කාර් එකකින් දෙවන ස්ථානය ලබා ගැනුන. ඔක්තෝම්බර් මාසයේ පැවති කටුකුරුන්ද තරගාවලියට සහභාගි වුනා.

ඔව් අපි බොහෝ දේවල් කතා කලා තරග පිලිබද, කමල් සහ කපිල කියන්නේ නිවුන් සොහොයුරෝ, දැනට ලංකාවේ සිටින එකම නිවුන් සොහොයුරෝ මෝටර් රථ ක්‍රීඩාවේ, මම නිවැරදිද?

ඇත්තෙන්ම අපි දෙදෙනා නිවුන් සොහොයුරෝ තමයි, ඒ වගේම මේ ක්‍රීඩාවේ අපි දන්නා තරමට සිටින එකම නිවුන් සොහොයුරන් අපි තමා, අපි දෙන්නා තාමත් තරග කරමින් ක්‍රීඩාවේ රුදී සිටිනව.

ඔබලා රුකියාවක නිරත වෙනවද, නැත්නම් තමන්ගේ ව්‍යාපාර වල නිරත වෙනවද කියල පාඨකයින් දැනගන්න කැමති ඇති.

අපි අපගේ ව්‍යාපාරයන්හි නිරත වෙනව, ජපානයෙන් මොටර් රථ අමතර කොටස් මෙරටට ගෙනත් විකිණීම දැනට කරගෙන යනව. නාරම්මල කුලියාපිටිය පාරේ අපේ යාඩ් එක තියෙන්නේ. ලංකාවේ මෝටර් රේස් පදින වාහන වලට අමතර කොටස් මෙරටට ගේන කටයුත්ත අපි කරගෙන යනව.

ඔබලා ලංකාවේ තරග වලට පමණයිද සහභාගිව තිඛෙන්නේ?

ඉන්දියාවේ පැවති තරගාවලියකට සහභාගි වුනා, එහිදී පස් වන ස්ථානය ලබා ගැනීමට හැකිවී තිඛෙනව.

කවුද මේ ක්ෂේත්‍රය සම්බන්ධ වෙන්න වගේම පවතින්නත් උදවු කරපු උදවිය?

හොද ප්‍රශ්ණයක් මේ ක්ෂේත්‍රයේ අපට උදවු කරපු සොහොයුරන් බොහොමයක් සිටිනව, ඔවුන් අතර උපුල්වන් සේරසිංහ, අරවින්ද ප්‍රේමදාස, දිනේෂ් දෙහෙරගොඩ, තරිදු ලොකුගේ, යන අය සිහිපත් කල යුතුයි. ඒ වගේම උපලි දසනායක මහතා මුල් කාලයේ අපට උදවු කලා, තරග වලට සහභාගි වෙන්න උවමනා සයිකල් පවා ඔහු ලබා දීල තියෙනව.

මොනවද ඉදිරියේ ඇති බලාපොරොත්තු. ක්‍රීඩාවේ තවදුරටත් රුදී සිටීමට හැකිවෙයිද?

ඔව්, අපේ ඉදිරි බලාපොරොත්තු වන්නේ අපගේ ව්‍යාපාරයන් දියුණු කරගෙන ක්‍රීඩාවේත් රුදී සිටීම. අපි දෙන්නම එක්ව තමයි ව්‍යාපාර කරගෙන යන්නේ. අපගේ අයියා මහේන්ද්‍ර ජයසුන්දර, ඔහු මාධ්‍ය වේදියෙක්, ඔහුගේ පුතත් ක්‍රීඩාවේ නිරතවෙලා ඉන්නව. ඔහුත් අපට බොහොම ශක්තියක් මේ අපගේ ක්‍රීඩා ගමන් මගේදි. අපි හැමෝම මේ ක්‍රීඩාවේ කොටස් කරුවන් ඉදිරියට තවදුරටත් එස්. එල්. ජී. ටී. සුපර් කාර් කාණ්ඩයෙන් ඉහලට යන්න තරගවල නියෙලෙන්න බලාපොරොත්තු වෙනව.

සංවාද සටහන – උමයන්ත කුමාර
www.motobook.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article