Friday, March 29, 2024

මාපිලෙක් උසාවි එයි !

Must read

mapilaනඩු හබ විසදාගැනීම අධිකරණය වෙත පැමිණෙන්නේ පැමිණිලිකරුවන් සහ විත්තිකරුවන් පමණක් වුවත් , විෂ ඝෝර සර්පයෙකු ලෙස සැලකෙන මාපිලෙකු හිටි අඩියේ අධිකරණ ශාලාවකට කඩාවැදීම හේතුවෙන් සිදු වූ කලබගෑනියක් පිළිබදව අද දිවයින පුවත්පත විසින් වාර්තාකර තිබේ.

මෙම කලබගෑනිය ඇති වී ඇත්තේ කඩුවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේදීය.

පසුගිය 21 වැනිදා කඩුවෙල මහෙස්‌ත්‍රාත්වරයාගේ මේසය මතට හිටි හැටියේම මාපිලකු වැටීම නිසා එහි විභාගවෙමින් තිබූ නඩු කටයුතු ටික වේලාවකට නතර කර දැමීමට වැඩබලන මහෙස්‌ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතාට සිදුවී තිබේ.

එදින අධිකරණ කටයුතු ආරම්භ කර ටික වේලාවකට පසුව අධිකරණ ශාලාවේ වහලයේ සිට මහේස්ත්‍රාත් මේසය මතට එම මාපිලා වැටී තිබේ. මෙම අවස්ථාවේදි අධිකරණ කටයුතු වහාම නැවැත් වූ විනිසුරුවරයා අසුනෙන් නැගී සිට උසාවියේ කටයුතු අත්හිටුවා උසාවිය නිශ්ශබ්ද කරන ලෙස තෝල්ක මුදලිට නියෝග කර තිබේ.එහිදී තෝල්ක මුදලි විසින් එම නියෝගය අපහසුවෙන් ප්‍රකාශ කර සිටි බව එම අවස්‌ථාවේ අධිකරණය තුළ රැඳී සිටි පිරිස පැවසූහ.

පසුව අධිකරණ කාර්ය මණ්‌ඩලය විසින් මාපිලා අධිකරණ ශාලාවෙන් පිටතට රැගෙන යාමෙන් පසු අධිකරණයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවද වාර්තා වෙයි.

මූලාශ්‍රය- දිවයින

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article