Friday, March 29, 2024

විජය විදුහල බැබළ වූ දරු දැරියෝ ඇගයෙති.

Must read

ජාත්‍යන්තර සහ සමස්ත ලංකා මට්ටමේ ජයග‍්‍රහණයන් වාර්තා කරමින් හලාවත විජය මහ විදුහලට කීර්තිය ගෙන දුන් එම විද්‍යාලයේ සිසු දරු දැරියන් සිව්දෙනෙකුට උපහාර පිදීමේ උත්සවයක් අද ( 5 දා ) උදෑසන එම විද්‍යාලයේදී පැවැත්විණි.

විජය විද්‍යාලීය බාලදක්ෂ කණ්ඩායය නියෝජනය කරමින් දකුණු කොරියාවේ ෂෙන්චුන් නගරයේදී පැවැත්වුණු අටවැනි ආසියා පැසිපික් තරුණ බාලදක්ෂ සමුඵව නියෝජනය කළ, කේ. කසුන් සංජීව ( 18 ) සහ පී. සදූෂන් ( 19 ) යන සිසුන් දෙදෙනාත්, සමස්ත ලංකා සිංහල පද්‍ය ගායනා තරගාවලියේ ශුරතාවය සහ ජාතික අනුශූරතාවය හිමි කර ගත් ගත් ඒ. ඒ. තරිදු ධනංජය ( 12 ) සිසුවා සහ සමස්ත ලංකා පාසල් ඒකල නැටුම් තරගාවලියේ පළමුවැනි ස්ථානය දිනු පී. නෙතුනි දීශනා ( 12 ) සිසුවියත් මෙහිදි උපහාර ලැබූහ.

හලාවත ශ‍්‍රී විජයාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මෙම දරුවන් සිව්දෙනා විද්‍යාලයීය තූර්ය වාදන කණ්ඩායම පෙරටු කර ගත් අලංකාර පෙරහැරකින් විද්‍යාලය වෙත කැදවාගෙන එනු ලැබූහ.

නගරයේ ජනප‍්‍රියයැයි කියන පාසල් විසින් අධ්‍යාපන සහ විෂය බාහිර ක‍්‍රියාකාරකම් වළපල්ලට යවා, භෞතික සම්පත් පාසලට එක්කර ගැනීමේ අරමුණින් දෙමාපියන් මත සුවිසල් බරක් පටවමින් සිටින යුගයක අඩු පහසුකම් සහිත පාසලක් ලෙස හලාවත විජය විදුහල සිසු දරුවන්ගේ කුසලතාවන් හදුනාගෙන ඒවා ඔප් නැංවීමට කටයුතු කරමින් සිටීම අධ්‍යාපන බලධාරීන්ගේ ඇගයීමට ලක් විය යුතු වෙයි.

විදුහල්පති ඒ. ඒ. එස්. අමරසිරි මහතාගේ සහ ආචාර්ය මණ්ඩලයේ උපදෙසින් පාසල් සංවර්ධන සමිතිය සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව මෙම උපහාර උත්සවය සංවිධානය කර තිබුණි.

chilw_wijaya1 chilw_wijaya2 chilw_wijaya3 chilw_wijaya4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article