Saturday, April 20, 2024

කුලියාපිටියට, පුත්තලමට, වෙන්නප්පුවට, නාත්තන්ඩියට සහ නොරොච්චෝලෙට හෙට විදුලිය කැපෙයි.

Must read

power_cutවිදුලි පද්ධතියේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයීම හෙට ( නොවැම්බර් 07 වැනි සෙනසුරාදා ) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි මණ්ඩලය නිවේදනය කර සිටී.

සතිඅන්ත නිවාඩුව එළැඹෙන හෙට දිනයේ වයඹ ටුඩේ පාඨකයින් ඇතුලු වයඹ ජනතාවගේ දෛනික කටයුතු කළමනාකරණය කරගැනීම පහසුවීම පිණිස විදුලි සැපයීම අත්හිටුවන ප්‍රදේශ පිළිබදව පූර්ව දැනුම්වත් කිරීමක් සිදුකිරීමට අප අදහස් ක‍ළෙමු.

හෙට ( නොවැම්බර් 07 වැනි සෙනසුරාදා ) වයඹ පළාතේ විදුලිය සැපයීම අත්හිටුවන ප්‍රදේශ සහ වේලාවන් මෙසේය.

කුලියාපිටිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,
කුලියාපිටිය නගරය, පොදු වෙළදපොල, තිස්ස මාවත, ආනන්ද මාවත, මීගහ‍කොටුව, කදුරුගස්හේන,මහජන බැංකුව, සම්පත් බැංකුව, ඒ එස් බී පැෂන් යන ප්‍රදේශවලට සහ   ස්ථානවලටඋදෑසන 8.30 සිට සවස 5 දක්වාත් ,

වෙන්නප්පුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,
වෙන්නප්පුව පොලිස් ස්ථානය, W-165 උපපොලින් විදුලිය සැපයෙන ප්‍රදේශවලටසහ ස්ථානවලට උදෑසන 8.30 සිට සවස 5 දක්වාත් ,

නාත්තන්ඩිය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,
මාරවිල තලවිල පල්ලිය, ක්ලැසික් ටෙරස්, තල්විල බෝගහ පාර ෆාම්බේ හොටෙල්, මෝදරවැල්ල, ඕලනිකා බීච් හොටෙල්, දසන් මිල්රෝයි ඇසෝසියේට්, තලවිල වැල්ල, ඔමෙගා ලියින් නිවාස යෝජනා ක්‍රමය යන ප්‍රදේශවලට සහ ස්ථානවලටඋදෑසන 8.30 සිට සවස 5 දක්වාත් ,

පුත්තලම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,
පුත්තලම මූලික රෝහල, පුත්තලම මූලික නගරය සහ කාර්ගිල්ස් ෆුඩ් සිටි යන ප්‍රදේශවලට සහ ස්ථානවලටඋදෑසන 9 සිට සවස 1 දක්වාත් ,

නොරොච්චෝලේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන පහත සදහන් ප්‍රදේශවලටසහ ස්ථානවලට උදෑසන 8.30 සිට සවස 4.30 දක්වාත් ,norocchole_p_ cut

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article