Friday, March 29, 2024

ඒෂියා ප්ලාන්ටේෂන් කැපිටල් මොරපතාව විදුහලට අත හිත දෙයි.

Must read

පුත්තලම අධ්‍යාපන කලාපය තුළ පිහිටි අතිදුෂ්කර පාසල් අතරින් එකක් ලෙස සැලකෙන මොරපතාව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් සදහා පාසල් උපකරණ ඇතුඵ භාණ්ඩ ප්‍රදානය කිරීමක් ඒෂියා ප්ලාන්ටේෂන් කැපිටල් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි බැරි රොලින්ෂන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ‍සිදුකෙරිණි.

මෙහිදී රුපියල් ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත අභ්‍යාස පොත්, පාසල් බෑග්, ජල බෝතල් , පොත්පත් සහ ක්‍රීඩා භාණ්ඩද මොරපතාව විදුහලේ සිසු දරු දැරියන් වෙත ප්‍රදානය කරනු ලැබීය.

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මොරපතාව ප්‍රාථමික විදුහලේ සිසු දරු දැරියන් 40 දෙනෙකු පමණ ඉගෙනුම ලබමින් සිටින අතර දැනට එම විද්‍යාල‍යේ සේවයේ ‍යෙදී සිටින්නේ ගුරුවරුන් පස්දෙනෙකු පමණි.

මෙම අවස්ථාව මොරපතාව ප්‍රාථමික විද්‍යාල‍යේ විදුහල්පති කේ.ඒ.බී.සී. සම්පත් මහතා ඇතුළු ගුරු භවතුන්ද , සිසු දරු දැරියන්ගේ මව්පියන් පිරිසක් සහ ඒෂියා ප්ලාන්ටේෂන් කැපිටල් ආයතනය නියෝජනය කරමින් එහි සේවක සේවිකාවන් පිරිසක්ද එක් වී සිටියහ.

වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / වනාතවිල්ලුව තිලක්ෂි කෞෂල්‍යාmorapathawa4 morapathawa1 morapathawa6 morapathawa5 morapathawa3 morapathawa2

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article